Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිංහල ක‍්‍රීඩා සමාජය (එස්. එස්. සී.) 8 වැනි වරටත් සංවිධානය කරන විවෘත බැඩ්මින්ටන් තරගාවලිය එළබෙන සැප්තැම්බර් මස 12 වැනිදා සිට 20 වැනිදා දක්වා එස්. එස්. සී. කී‍්‍රඩා සමාජ ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
තරගාවලියට සහභාගී වීමට නියමිත කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ගණන 750 කට අධිකය.
මෙහිදී පිරිමි කේවල, පිරිමි යුගළ, කාන්තා කේවල, කාන්තා යුගළ සහ මිශ‍්‍ර යුගළ යන ප‍්‍රධාන කාණ්ඩ 5 ට අමතරව ප‍්‍රවීණ සහ ආධුනික කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සඳහාද තරග පැවැත්වේ.
තරගාවලියේ සෑම ඉසව්වකම පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනාගන්නා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට මුදල් ත්‍යාග සමගින් සහතික පත් පිරිනැමේ. ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් අතරේ බෙදා දීමට නියමත මුලූ ත්‍යාග මුදල රුපියල් ලක්ෂ පහක් බව තරග සංවිධායකයෝ පවසති.
මේ සඳහා වන අයැදුම්පත් සිංහල ක‍්‍රීඩා සමාජයෙන් සහ ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගම් මූලස්ථානිියෙන් ලබාගත හැකිය. අයැදුම් පත් භාරගැනීම මෙම 31 වැනිදා පස්වරු 5.00 න් අවසන් වේ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.