අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතා වටයේ පල්ලෙකැළේ රග්බි පිටියේදී අද (13) පැවැති තරගයේදී කොළඹ ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 37-22 කින් මහනුවර ත‍්‍රිත්ව විදුහල පරාජය කිරීමට සමත් වූහ.
ඉසිපතන විදුහල මෙම ජයග‍්‍රහණයත් සමග තව දුරටත් අපරාජිත වාර්තාව ආරක්‍ෂා කර ගැනීමට සමත් විය.
ත‍්‍රිත්ව විදුහල් පිල පළමු අර්ධයේදී ආක‍්‍රමණශිලිව ක‍්‍රීඩා කරමින් පළමු අර්ධයේදී ලකුණු 15-8 ක් ලෙස පෙරමුණ ගත්ත ද, ඉසිපතන විදුහල් පිල දෙවැනි අර්ධයේදී ලකුණු 29 ක් රැස්කර ගනිමින් ජයග‍්‍රාහිව පෙරමුණට ඇදුණේය.
ඉසිපතන විදුහල ගෝල 2 කින් සහ උත්සාහක දිනුම් 4 කින් ලකුණු එකතු කර ගත්තේය. ත‍්‍රිත්ව විදුහලට ගෝල 2 කින් සහ උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.