
සංචාරක දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර චන්දිගර්හිදී ඊයේ (14 වැනිදා) පැවැති තෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කළ ඉන්දීය ක්‍රීඩකයෝ, දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 121 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම ඕවර 15.5 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ඉලක්යක සපුරා ගත්තේය. එහිදී ආරම්භක පිතිකරු අභිෂේක් ශර්මා පන්දු 18 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 35 ක් රැස්කළ අතර තිලක් වර්මා පන්දු 34 කදී හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 25 ක් රැස්කරමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට ඉන්දීය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 117 ක් පමණි. එහිදී වරුණ් චක්‍රවර්ති, කුල්දීප් යාදව්, අර්ෂ්දීප් සිං සහ හර්ෂිත් රානා කඩුලු 2 බැගින් බිඳහෙළමින් දකුණු අප්‍රිකානු ඉනිම සුනුවිසුණු කර දැමූහ.
සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් නායක ඒඩන් මාක්‍රම් පන්දු 46 කින් ලකුණු 61 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගිනි. ඩොනොවන් ෆෙරෙයිරා පන්දු 15 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 20 ක් රැස්කළේය.
දකුණු අප්‍රිකාව - ඕවර 20 කදී සියලු දෙනා දැවී 117
(ඒඩ්න් මාක්‍රම් 61, ඩොනොවන් ෆෙරෙයිරා 20, වරුණ් චක්‍රවර්ති 11/2, කුල්දීප් යාදව් 12/2, අර්ෂ්දීප් සිං 13/2, හර්ෂිත් රානා 34/2)
ඉන්දියාව - ඕවර 15.5 කදී කඩුලු 3 ක් දැවී 120
(අභිෂේක් ශර්මා 35, ශුබ්මන් ගිල් 28, තිලක් වර්මා නොදැවී 25)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.