Last Update  :  2026-01-21 11:04:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඇෆ්ඝනිස්ථානයට ලකුණු 38 ක ජයක්

ඇෆ්ඝනිස්ථානයට ලකුණු 38 ක ජයක්

editorial - 2026 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අෆ්ඝනිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඊයේ (19 වැනිදා) පැවැති පළමු විස්සයි-20 තරගයෙන් ලකුණු 38 ක ජයක් ලැබූ අෆ්ඝනිස්ථානය, දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.

වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 59 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 84 ක් රැස්කළ දර්විෂ් රසූලි තරගයේ වීරයා බවට පත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 182 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් පිලට රහමන් ශරීෆි ප්‍රමුඛ ඇෆ්ඝනිස්ථාන පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 143 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශරීෆි ලකුණු 36 කට කඩුලු 3 ක් බිඳහෙළුෑ අතර කොදෙව් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් නායක රෂීඩ් ඛාන්, මුජිබුර් රහමන් සහ නූර් අහමඩ් කඩුලු 2 බැගින් දවාගත්හ. 
කෙදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ක්වින්ටින් සැම්පසන් පන්දු 24 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 30 රැස්කළ අතර ගුඩකේෂ් මෝති හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග පන්දු 15 කින් ලකුණු 28 ක්ද, ජොන්සන් චාල්ස් හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග පන්දු 16 කින් ලකුණු 27 ක්ද රැස්කිරීමට සමත් වූහ. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්ථානය ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 181 ක් ලබාගත් අතර ආරම්භක පිතිකරු ඊබ්‍රහීම් සද්‍රාන් පන්දු 56 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 87 ක් රැස්කළේය. ලකුණු 19 කට කඩුලු 2 ක් බිඳවැටී තිබියදී දර්විෂ් රසූලි (84) සමග එක්ව පන්දු 106 කදී ලකුණු 162 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගීමටද සද්‍රාන් සමත් විය. 


ඇෆ්ඝනිස්ථාන පිල - ඕවර 20 කදී කඩුලු 3 කට 181 
(ඊබ්‍රහීම් සද්‍රාන් නොදැවී 87, දර්විෂ් රසූලි 84) 

බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 143 
(ජොන්සන් චාල්ස් 27, ක්වින්ටින් සැම්ප්සන් 30, මැතිව් ෆෝඩ් 25, ගුඩකේෂ් මෝති 28, රහමන් ශරීෆි 36/3, රෂීඩ් ඛාන් 19/2, මුජිබුර් රහමන් 29/2, නූර් අහමඩ් 34/2) 

-036


අදහස් (0)

ඇෆ්ඝනිස්ථානයට ලකුණු 38 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.