Last Update  :  2025-05-15 20:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International අයි.පී.එල්. 17 දා යළි ඇරඹෙයි
අයි.පී.එල් - 2025

අයි.පී.එල්. 17 දා යළි ඇරඹෙයි

editorial - 2025 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ප්‍රංශ පුවත් සේවය ඇසුරිනි)

ඉන්දියාව සහ පාකිස්තානය සටන් විරාමයකට එළැඹීමෙන් පසු ඉන්දියානු ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියේ ඉතිරි කොටස මැයි මස 17 සිට ජුනි 3 දක්වා පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අයි.පී.එල්. කමිටුව තීරණය කර තිබේ. තරගාවලියේ ඉතිරි තරග ස්ථාන හයකදී පැවැත්වෙන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගිය සඳුදා නිවේදනය කළේය.

ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වූ ගැටුම් හේතුවෙන් පසුගිය සිකුරාදා අයි.පී,එල්. තරගාවලිය තාවකාලිකව අත්හිටුවන ලද නමුත් සටන් විරාම ගිවිසුමකින් පසුව ඉතිරි තරග 17 පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

“රජය, ආරක්ෂක නියෝජිතායතන සහ සියලුම ප්‍රධාන කොටස්කරුවන් සමඟ පුළුල් සාකච්ඡාවලින් පසුව, තරගාවලිය ඉදිරියට ගෙන යාමට තීරණය කර තිබෙනවා” යයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

තරගාවලිය යළි ආරම්භ කරමින් 17 වැනිදා පැවැත්වෙන තරගයේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ වත්මන් ශූරයන් වන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම්, බැංගලෝරයේ එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී තරග වදිනු ඇත. 18 වැනි ඉරිදා රාජස්ථාන් රෝයල්ස් සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම් ජායිපූර් නුවරදීත්, දිල්ලි කැපිටල්ස් සහ ගුජරාට් ටයිටන්ස් නවදිල්ලියේදීත් තරග වදිනු ඇත. 

ලීග් තරගාවලියේ ඉතිරි තරග ලක්නව්, මුම්බායි සහ අහමදාබාද් යන නගර වලදී පැවැත්වීමට නියමිතය. 

අවසන් වටයේ තරග මැයි 29 වැනිදා ආරම්භ වීමට නියමිත අතර අවසන් මහ තරගය ජුනි 3 වැනිදා පැවැත්වේ. අවසන් තරඟය ඇතුළුව තීරණාත්මක අදියරේ තරඟ හතර සඳහා ස්ථාන පසුව ප්‍රකාශයට පත් කෙරේ.


- 213


අදහස් (0)

අයි.පී.එල්. 17 දා යළි ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.