Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 කි‍්‍රකට් පිටියේ මාරාන්තික අනතුරු

කි‍්‍රකට් පිටියේ මාරාන්තික අනතුරු

දිලිනි මල්රුක්ෂි - 2014 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A

කි‍්‍රකට් තරගයකට සහභාගි වෙමින් සිටියදී සිදුවූ අනතුරු හේතුවෙන් මෙලොව හැර ගිය ලෝකයේ පළමු වැන්නා පිලිප් හියුස් නොවේ. කි‍්‍රකට් කී‍්‍රඩකයෝ මෙන්ම විනිසුරුවෝද එහි සිටිති.

අසූව දශකයේදී ශී‍්‍ර ලංකාවේ ඉතාමත් දක්‍ෂ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයකුව සිටි මලික් අලස්ද කි‍්‍රකට් පුහුණුවීම් කරමින් සිටියදී පන්දුව වැදීම නිසා සිදුවූ අනතුර හේතුවෙන් මෙලොව හැර ගියේය.

කි‍්‍රකට් තරගයකට සහභාගි වෙමින් සිටියදී සිදුවූ අනතුරු හේතුවෙන් මෙලොව හැර ගිය කී‍්‍රඩකයෝ සහ විනිසුරුවරු

2014 - පිලිප් හියුස් ( ඕස්ටේ‍්‍රලියාව - වයස 25)
ෂෙෆීල්ඞ් පළිහ තරගයකට සහභාගි වෙමින් සිටියදී බවුන්සර් පන්දුවක් හිසේ වැදීමෙන් පසු රෝහල් ගත කරන ලදි. මොළයේ රුධිර වහනයක් වැළැක්වීම සඳහා සැත්කමකට ලක් කරන ලද නමුත් දින දෙකක් යාමටත් මත්තෙන් මෙලොව හැර ගියේය.

2013 - ඩැරින් රැුන්ඩල් (දකුණු අපි‍්‍රකාව - වයස 32)
දේශීය තරගයකට සහභාගි වෙමින් සිටියදී ගැසු පුල් පහරක් වැරදී යාමෙන් පන්දුව හිසේ පසෙක වැදීමෙන් පසු පිටිය මැද ඇදවැටුණු අතර ඉතා ඉක්මනින් රෝහලට ගෙන ගියද ජීවත් වීමට වාසනාව නොතිබිණ.

2013 - සුල්ෆිකාර් භාති (පාකිස්තානය - වයස 22)
පාකිස්තානයේ සින්ද් පළාතේ සුකුර් නගරයේදී පැවැති තරගයකදී පන්දුවට පහර දෙමින් සිටි අවස්ථාවේදී පන්දුව පපුව ප‍්‍රදේශයේ වැදීමෙන් පසුව පිටිය මැද ඇද වැටිණ. ඉතා ඉක්මනින් රෝහලට ගෙන ගිය නමුත් රෝහල ගෙන යන අවස්ථාවේදීත් මියගොස් සිටි බව ප‍්‍රකාශ කෙරිණ.

2012 - රිචඞ් බියුමන්ට් (එංගලන්තය - වයස 33)
වේග පන්දු යවන්නකු වූ රිචඞ් අන්තර් කී‍්‍රඩා සමාජ තරගයකදී කඩුලූ 5 ක් දවාගෙන සිටියද එම තරගයේදී ඇතිවූ හෘදයාබාධයකින් පිටිය මැදදීම ඇදවැටුණේය. බර්මින්හැම්හි එළිසබෙත් රැජන රෝහලට සැණෙකින් රැුගෙන ගියද ඉතා ඉක්මනින් අවසන් හුස්ම හෙළීය.

2009 - ඇල්සින් ජෙන්කින්ස් (එංගලන්තය - වයස 72)
එංගලන්තයේ ස්වෝන්සි හිදී පැවැති තරගයක් විනිශ්චය කරමින් සිටියදී පන්දු රකින්නකු විසින් කඩුල්ලට වීසි කරන ලද පන්දුවක් හිසේ වැදීම නිසා පිටිය මැද ඇද වැටිණ. ඉතා ඉක්මනින් ගුවන් මගින් රෝහලට ගෙන ගිය නමුත් ජීවත් වීමට වාසනාව නොලද්දේය.

2006 - වසිම් රාජා (පාකිස්තානය - වයස 54)
පාකිස්තානු පිලේ හිටපු විශිෂ්ටතම ආරම්භක පිතිකරුවකු වූ වසිම් රාජා (ප‍්‍රකට විස්තර විචාරක රමීස් රාජාගේ වැඩිමහල් සෙහොයුරා) පසුව අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තරග තීරකයකු ලෙසද කටයුතු කළේය.  එංගලන්තයේ සරේ ප‍්‍රාන්තයේ වයස 50 ට වැඩි කණ්ඩායම වෙනුවෙන් බකින්හැම්ෂයර්හි කී‍්‍රඩා කරමින් සිටියදී හෘයාබාධයක් වැළඳීමෙන් පිටිය මැද ඇද වැටී අවසන් හුස්ම හෙළීය.

1998 - රාමන් ලම්බා (ඉන්දියාව - වයස 38)
ඉන්දීය පිලේ හිටපු ආරම්භක පිතිකරුවා වූ රාමන් ලම්බා බංග්ලාදේශයේ ඩකා නුවර පැවැති දේශීය තරගකදී කඩුල්ල අසළ පන්දු රකිමින් සිටියදී පන්දුව හිසේ වැදීම නිසා මොළයට ඇතිවූ තුවාල හේතුවෙන් මෙලොව හැර ගියේය.

1993 - ඉයන් ෆොලී (එංලගන්තය - වයස 30)
වමතින් පා දග පන්දු යවන්නකු වූ ෆොලී තරගයකදී ‘හුක්’ පහරක් ගැසීමට යාමේදී පන්දුව ඇසට යටින් වැදීම නිසා රෝහල් ගත කෙරිණ. රෝහලේදී සිහිනැති කිරීම සඳහා ඖෂධ ලබා සිටියදී ඇතිවූ හෘදයාබාධයකින් අවසන් හුස්ම හෙළීය.

1989 - විල්ෆ‍්‍රඞ් ස්ලැක් (එංගලන්තය - වයස 34)
එංගලන්ත පිල වෙනුවෙන් කී‍්‍රඩා කළ මිඞ්ල්සෙක්ස් ප‍්‍රාන්තයේ ආරම්භක පිතිකරුවා ගැම්බියාවේදී කි‍්‍රකට් තරගයක පන්දුවට පහර දෙමින් සිටියදී හදිසියේම තණතීරුව මත ඇදවැටීමෙන් මිය ගියේය. ඊට පෙර අවස්ථා හතරකදීම ඔහු කි‍්‍රකට් පිටියේදීම හදිසියේ සිහි විසංඥ තත්ත්වයන්ට පත්වී ඇති නමුත් පරීක්‍ෂණ වලින් ඔහුගේ මරණයට හේතුව සොයාගත නොහැකි විය.

1959 - අබ්දුල් අසීස් (පාකිස්තානය - වයස 18)
කරච්චියේදී පැවැති දේශීය තරගයකදී පන්දුව පපුව ප‍්‍රදේශයේ වැදීම නිසා පිටිය මැද ඇද වැටීමෙන් දිවියෙන් සමුගත්තේය. ඉතා ඉක්මනින් රෝහලට ගෙන ගියද ඒ වන විටත් මියගොස් සිටියේය.

1942 - ඇන්ඩි ඩකට් (එංගලන්තය - වයස 56)
එංගලන්තය වෙනුවෙන් එකම ටෙස්ට් තරගයකට සහභාගි වූ ඇන්ඩි ලෝඞ්ස්හිදී පැවැති තරගයකට සහභාගි වෙමින් සිටියදී හෘදයාබාධයක් හේතුවෙන් පිටිය මැද ඇද වැටී අවසන් හුස්ම හෙළීය.

1870 - ජෝර්ජ් සමර්ස් (එංගලන්තය - වයස 25)
නොටිංහැම්ෂයර් පිල වෙනුවෙන් කී‍්‍රඩා කළ ජෝර්ජ් සමර්ස්, එම්. සී. සී. පිලට එරෙහිව ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයකට සහභාගි වෙමින් සිටියදී පන්දුව හිසේ වැදීම නිසා ඇතිවූ තත්ත්වයන් හේතුවෙන් දින කිහිපයකට පසුව මිය ගියේය


අදහස් (4)

කි‍්‍රකට් පිටියේ මාරාන්තික අනතුරු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.