බේරුවල සුපර් සන් කණ්ඩායම හා නාවික හමුදා කණ්ඩායම අතර පැවැති ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගයේදී ප‍්‍රධාන විනිසුරුට බැණ වැදුණු බව කියන සුපර් සන් කණ්ඩායමේ දැළ රකින්නාට එම තරගාවලියේ ඉදිරි තරග තුනක් තහනම් කර තිබේ.
දැළ රකින්නාගේ නොමනා හැසිරීම වැළැක්වීමට අපොහොසත් වීමේ චෝදනා මත එම කී‍්‍රඩා සමාජය ඉදිරියේදී සහභාගිවන තරග තුනකට සහභාගිවීම සුපර්සන් කී‍්‍රඩා සමාජයේ සභාපතිවරයාට ද තහනම් කර තිබේ.
එම සිදුවීම වාර්තා වූ තරගය නිමාවේදී සුපර්සන් කණ්ඩායමේ ගෝල් රකින්නා විනිසුරුට බැණ වදිමින් පිටියෙන් ඉවතට පැමිණි බවට චෝදනා ලබා තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.