අන්තර් කී‍්‍රඩා සමාජ ‘ඩයලොග්’ ශූරතා ලීග් පාපන්දු තරගාවලියේ මෙතෙක් (සැප්තැම්බර් 18 වැනිදා දක්වා) පැවැති තරග අවසානයේ ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට යුද හමුදාවත් (ප‍්‍රසාද ලකුණු 15), කොළඹ පාපන්දු සමාජයත් (ප‍්‍රසාද ලකුණු 17) සමත්ව සිටිති. මේ වන විට ‘ඒ’ කාණ්ඩයේ තරග 35 ක් අවසන් වී ඇති අතර ‘බී’ කාණ්ඩයේ අවසන් වී ඇති තරග සංඛ්‍යාව 29 කි.
සහභාගී වූ තරග 6 න් තර 5 ක් ජයගෙන, එක් තරගයක් පරාජය වී යුද හමුදාව ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණට පැමිණ ඇත්තේ ප‍්‍රසාද ලකුණු 15 ක් ලබාගනිමිනි.
ප‍්‍රසාල ලකුණු 14 ක් ලබා සිටින ක‍්‍රිස්ටල් පැලස් කී‍්‍රඩා සමාජය ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයටත්, ප‍්‍රසාල ලකුණු 11 ක් ලබා සිටින රිනවුන් කී‍්‍රඩා සමාජය එහි තෙවැනි ස්ථානයටත් පත්ව තිබේ.
කොළඹ පාපන්දු සමාජය ‘බී’ කාණ්ඩයේ පෙරමුණට පැමිණ ඇත්තේ තමන් සහභාගීවූ තරග 7 න් 5 ක් ජයගෙන, ඉතිරි තරග 2 ජය පරාජයෙන් තොරව අවසන් කරගනිමින් ප‍්‍රසාද ලකුණු 17 ක් ලබාගනිමිනි. තරගාවලියේදී මෙතෙක් තමන් සහභාගී වූ එකම තරගයක් හෝ පරාජය වී නැති කී‍්‍රඩා සමාජය වන්නේද කොළඹ පාපන්දු සමාජයයි.
ප‍්‍රසාද ලකුුණු 14 ක් ලබා සිටින ජාවා ලේන් කී‍්‍රඩා සමාජය ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයටත්, ප‍්‍රසාද ලකුුණු 11 ක් ලබා සිටින බ්ලූ ස්ටාර්ස් කී‍්‍රඩා සමාජය එහි තෙවැනි ස්ථානයටත් පත්ව තිබේ.
| ඒ' කාණ්ඩය | |||||||
| ක්‍රීඩා සමාජය | තරග | ජය | වි. නැ. | පරාජය | දුන් ගෝල | ලැබූ ගෝල | ප්‍රසාද ලකුණු |
| යුද හමුදාව | 6 | 5 | 0 | 1 | 12 | 3 | 15 |
| ක්‍රිස්ටල් පැලස් | 7 | 4 | 2 | 1 | 19 | 9 | 14 |
| රිනවුන් | 6 | 3 | 2 | 1 | 11 | 7 | 11 |
| ගුවන් හමුදාව | 6 | 3 | 2 | 1 | 9 | 6 | 11 |
| පොලිසිය | 6 | 3 | 1 | 2 | 11 | 9 | 10 |
| සෝන්ඩර්ස් | 7 | 2 | 3 | 2 | 11 | 5 | 9 |
| නන්දිමිත්‍ර | 6 | 3 | 0 | 3 | 5 | 8 | 9 |
| සොලිඩ් | 6 | 2 | 2 | 2 | 10 | 9 | 8 |
| පෙලිකන්ස් | 7 | 1 | 1 | 5 | 9 | 20 | 4 |
| අප් කන්ට්‍රි ලයන්ස් | 6 | 0 | 4 | 2 | 3 | 7 | 4 |
| හයිලෑන්ඩර්ස් | 7 | 0 | 1 | 6 | 2 | 19 | 1 |
| බී' කාණ්ඩය | |||||||
| ක්‍රීඩා සමාජය | තරග | ජය | වි. නැ. | පරාජය | දුන් ගෝල | ලැබූ ගෝල | ප්‍රසාද ලකුණු |
| කොළඹ | 7 | 5 | 2 | 0 | 20 | 5 | 17 |
| ජාවාලේන් | 7 | 4 | 2 | 1 | 7 | 2 | 14 |
| බ්ලූ ස්ටාර්ස් | 6 | 3 | 2 | 1 | 12 | 2 | 11 |
| නාවික හමුදාව | 5 | 3 | 1 | 1 | 9 | 3 | 10 |
| සුපර් සන් | 6 | 2 | 2 | 2 | 10 | 6 | 8 |
| නිගම්බු යූත් | 5 | 2 | 0 | 3 | 5 | 14 | 6 |
| නිව් යංග්ස් | 5 | 1 | 2 | 2 | 3 | 8 | 5 |
| තිහාරිය යූත් | 7 | 1 | 2 | 4 | 5 | 15 | 5 |
| ක¿තර පාර්ක් | 5 | 1 | 1 | 3 | 4 | 12 | 4 |
| මාතර සිටි | 5 | 0 | 0 | 5 | 5 | 13 | 0 |
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.