(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ හත්වැනි සතිය යටතේ බී.ආර්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී පළමු ඉනිමේදී කඩුලු 4 ක්ද, දෙවැනි ඉනිමේදී කඩුලු 6 ක්ද බැගින් කඩුලු 10 ක් බිඳහෙළීමට එන්.සී.සී. ක්‍රීඩා සමාජයේ ශක්ති උදාර සමත් විය.
ජය පැරදුමකින් තොරව නිමාවට පත්වූ මෙම තරගයේදී බී.ආර්.සී. ක්‍රීඩා සමාජයට මුල් ඉනිමේ ජයක් හිමිවිය. තරගය නිමාවට පත්වන විට පන්දුවට පහර දෙමින් සිටි එන්.සී.සී. ක්‍රීඩකයෝ සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 16 ක් ලබා බී.ආර්.සී කණ්ඩායමට වඩා ලකුණු 324 ක් පසුපසින් සිටියහ.
එහිදී බී.ආර්.සී. කණ්ඩායමේ රිසිත් උපමාල් (151) සහ ප්‍රමෝද් මධුවන්ත (111) ශතක ලබාගැනීමට සමත් වූ අතර එම කණ්ඩායමේම මොවින් සුබසිංහ ලකුණු 90 ක් ලබා සිටියදී ශතකය පෙනි පෙනී දැවී ගියේය. බී.ආර්.සී. කණ්ඩායම වෙනුවෙන් හෂාන් දුමිඳු (63) සහ රමින්ද විජේසූරිය (70) ද, එන්.සී.සී. කණ්ඩායම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල (65), ළහිරු උදාර (65), අහන් වික්‍රමසිංහ (63) සහ චාමික කරුණාරත්න (නොදැවී 56) ද අර්ධ ශතක ලැබූහ.
බී.ආර්.සී. පළමු ඉනිම - සියලු දෙනා දැවී 396
(හෂාන් දුමිඳු 63, රිසිත් උපමාල් 151, ප්‍රමෝද් මධුවන්ත 30, රමින්ද විජේසූරිය 70, මොවින් සුබසිංහ 36, මොහොමඩ් සිරාස් 21, ශක්ති උදාර 129/4, සම්පත් නිශ්ෂංක 62/2, අෂීන් ඩැනියෙල් 91/2)
එන්.සී.සී. පළමු ඉනිම - සියලු දෙනා දැවී 365
(නිරෝෂන් දික්වැල්ල 65, ළහිරු උදාර 65, අහන් වික්‍රමසිංහ 63, සහන් ආරච්චිගේ 29, චාමික කරුණාරත්න නොදැවී 56, කවිඳු පතිරත්න 35, මර්වින් අභිනාෂ් 112/7, ශෂික දුල්ෂාන් 92/2)
බී.ආර්.සී. දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 300
(ප්‍රමෝද් මධුවන්ත 111, මොවින් සුබසිංහ 90, මර්වින් අභිනාෂ් 30, ශක්ති උදාර 98/6, අෂීන් ඩැනියෙල් 70/3)
එන්.සී.සී. දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 16
(ශෂික දුල්ෂාන් 06/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.