Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් සමාජ සමාජ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ අද (6 වැනිදා) කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදී කුරුණෑගල යොවුන් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 144 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සී.සී.සී. ක්‍රීඩා සමාජය සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 201 ක ඉලක්කයක් හඹාගිය කුරුණෑගල යොවුන් කණ්ඩායමට ලක්ෂාන් සඳකැන් ප්‍රමුඛ සී.සී.සී. පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 14.2 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 56 ක් පමණි. එහිදී සඳකැන් ලකුණු 12 කට කඩුලු 3 ක්ද, චතුරංග ද සිල්වා ලකුණු 6 කට කඩුලු 2 ක්ද බිඳහෙළීමට සමත් වූහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සී.සී.සී. කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 200 ක් ලබාගත් අතර සී.සී.සී. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ලසිත් කෲස්පුල්ලේ පන්දු 31 කින් ලකුණු 77 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 7 ක් සමගිනි. දුල්නිත් සිගේරා පන්දු 35 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 48 ක් රැස්කළේය.
සී.සී.සී. පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 200
(ලසිත් කෲස්පුල්ලේ 77, දුල්නෙිත් සිගේරා 48, රෙහාන් පීරිස් 23, ඉනුක කරන්නාගොඩ 32, අරවින්ද ප්‍රේමරත්න 30/3, ගයාන් වීරසිංහ 41/2)
කුරුණෑගල යොවුන් පිල - ඕවර 14.2 කදී සියලු දෙනා දැවී 56
(ගයාන් වීරසිංහ 13, ලක්ෂාන් සඳකැන් 12/3, චතුරංග ද සිල්වා 06/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.