Last Update  :  2025-05-04 19:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic සී.සී.සී. - ද්‍රවිඩ සංගම් පෙරමුණ ගනී

සී.සී.සී. - ද්‍රවිඩ සංගම් පෙරමුණ ගනී

editorial - 2022 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)
‘මේජර් ලීග්’ අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ 8 වැනි සතිය නිමාවට පත්වන විට ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට කොළඹ ක්‍රිකට් සමාජයද (සී.සී.සී.), ‘බී’ කාණ්ඩායමේ පෙරමුණ ගැනීමට ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජයද සමත් වී තිබේ.

මේ දක්වා තරග 8 කට ක්‍රීඩා කර ඇති සී.සී.සී. ක්‍රීඩා සමාජය ඉන් තරග 4 ක් ජයගෙන සෙසු තරගය 4 ම ජය පැරදුමෙන් තොරව අවසන් කරගනිමින් ලබා සිටින ලකුණු සංඛ්‍යාව 119.8 කි. ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය ලකුණු 104.54 ක් ලබා සිටින්නේ මෙතෙක් සහභාගි වූ තරග 8 න් 4 ක් ජයගෙන, තරගයක් පරාජය වී, සෙසු තරග 3 ජය පැරදුමෙන් තොරව අවසන් කරගනිමිනි.

මුවර්ස් ක්‍රීඩා සමාජය ලකුණු 93.04 ක් ලබා ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයේද, එස්.එස්.සී. ක්‍රීඩා සමාජය ලකුණු 88.78 ක් ලබා එම කාණ්ඩයේ තෙවැනි ස්ථානයේද රැදී සිටිති. හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය සහ එන්.සී.සී. ක්‍රීඩා සමාජය ‘බී’ කාණ්ඩයේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවෙන්නේ පිළිවෙලින් ලකුණු 86.48 ක් සහ 86.51 ක් ලබාගනිමිනි.

මෙතෙක් පැවැති තරගවලදී වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට රාගම ක්‍රීඩා සමාජයේ නිෂාන් මධුෂ්ක සමත්ව සිටින අතර තරග 8 ක ඉනිම් 12 කදී ශතක 5 ක් සහ අර්ධ ශතක 4 ක් සමග ඔහු රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 1110 කි.

සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව නොදැවී ලබාගත් ත්‍රිත්ව ශතකය (300*) එහිදී නිෂාන්ගේ හොඳම ඉනිම විය.

තරග 8 ක ඉනිම් 9 කදී ශතක 5 ක් සහ අර්ධ ශතක 2 ක් සමග ලකුණු 759 ක් ලබා සිටින නුවනිඳු ප්‍රනාන්දු (එස්.එස්.සී.) වැඩිම ලකුණු ලාභීන් අතර දෙවැනි ස්ථානයේ රැදී සිටියි. තරග 8 ක ඉනිම් 11 කදී ශතක 3 ක් සහ අර්ධ ශතක 3 ක් සමග ලකුණු 752 ක් ලබා සිටින කමිඳු මෙන්ඩිස් (සී.සී.සී.) එහි තෙවැනි ස්ථානයේ පසුවේ.  

මේ දක්වා පැවැති තරගවලදී වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට යුද හමුදාවේ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක කෞමාල් නානායක්කාර සමත්ව සිටින අතර තරග 8 ක ඉනිම් 13 කදී ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 59 කි. ඊට තරගයකදී කඩුලු 10 බැගින් දවාගත් අවස්ථා 3 ක් සහ ඉනිමකදී කඩුලු 5 බැගින් දවාගත් අවස්ථා 8 ක් ඇතුළත් වේ.

තරග 7 ක ඉනිම් 14 කදී කඩුලු 54 ක් දවාගෙන ඇති එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ ප්‍රභාත් ජයසූරිය වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැනි ස්ථානයේ පසුවේ. සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජයේ තරිඳු රත්නායක එහි තෙවැනි ස්ථානයේ රැදී සිටින්නේ තරග 7 ක ඉනිම් 12 කදී කඩුලු 53 ක් දවාගනිමිනි.


අදහස් (0)

සී.සී.සී. - ද්‍රවිඩ සංගම් පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.