Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic සධීර - අවිශ්ක යාපනය දිනවති
එල්.පී.එල්. - 2022

සධීර - අවිශ්ක යාපනය දිනවති

editorial - 2022 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


පළමු කඩුල්ල සඳහා පන්දු 93 කින් ලකුණු 118 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ සධීර සමරවික්‍රම (නොදැවී 62) සහ අවිශ්ක ප්‍රනාන්දු (51) එක්ව අද (07 වැනිදා) පැවැති එල්.පී.එල්. තරගයේදී යාපනය කිංග්ස් පිල කඩුලු 9 ක ජයක් කරා කැඳවාගෙන ගියහ. ලකුණු 122 ක පහසු ඉලක්කයක් කරා ගිය යාපනය පිතිකරුවන් දෙදෙනාට කිසිම තර්ජනයක් එල්ල කිරීමට නොහැකි වූ දඹුල්ල පන්දු යවන්නන් හමුවේ සධීර සහ අවිශ්ක දෙදෙනා හතරේ පහර 11 කින් සහ හයේ පහර දෙකකින් තම ඉනිම අලංකාර කළහ.

ජයග්‍රහණය පෙනි පෙනී පිටියට පැමිණි අශාන් රන්දික ද මුහුණ දුන් එකම පන්දුව හතරේ සීමාවට යවමින් තරගය හමාර කළේය.

කාසියේ වාසිය දිනාගත් දඹුල්ල නායක දසුන් ශානක පළමුවෙන් පිතිහරඹය තෝරා ගත්තේය. ජෝර්ඩ්න් කොක්ස් (43) සහ ෂෙවොන් ඩැනියෙල් (19) දෙදෙනා එක්ව පන්දු 46 කින් ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් දඹුල්ල පිතිකරුවන් ලකුණු 121 කින් නතර කර ගැනීමට යාපනය කිංග්ස් ක්‍රීඩකයෝ සමත් වූහ. යාපනය පිල වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක යෙදුණු මහීෂ් තීක්‍ෂණ (20/3) සහ විජයකාන්ත් වියස්කාන්ත් (24/3) සිය ඕවර 8 දී ලකුණු 44 කට සීමාකරමින් කඩුලු 6 ක් බෙදා ගත්හ.

දකුණතින් පා දඟ පන්දු යවන විජයකාන්ත් වියස්කාන්ත් තවමත් 21 හැවිරිදි පන්දු යවන්නෙකි. විස්සයි-20 ක්‍රීඩාවේදී දකුණත් පා දඟ පන්දුව කෙතරම් ප්‍රයෝජනවත් ද යන්න කදිමට පැහැදිළිකර දෙන මෙම තරුණ පන්දු යවන්නා ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමත් නියෝජනය කළ අයෙකි.

වියස්කාන්ත් විසින් ලකුණු 63 දී ආරම්භක පිතිකරු ජෝර්ඩ්න් කොක්ස් දවාගැනීමත් සමගින් ලකුණු 58 ක් ඇතුළත දඹුල්ල කණ්ඩායම සම්පූර්ණයෙන්ම දැවී ගියේය.


දඹුල්ල අවුරා - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 121 යි
(ජෝර්ඩ්න් කොක්ස් 43, ෂෙවොන් ඩැනියෙල් 19, භානුක රාජපක්‍ෂ 18, රමේෂ් මෙන්ඩිස් 10, පෝල් වැන් මීකරන් නොදැවී 11, මහීෂ් තීක්‍ෂණ 20/3, ජේම්ස් ෆුලර් 16/2, විජයකාන්ත් වියස්කාන්ත් 24/3)

යාපනය කිංග්ස් - ඕවර 15.4 කදී කඩුලු 1 ක් දැවී 122
(සධීර සමරවික්‍රම නොදැවී 62, අවිශ්ක ප්‍රනාන්දු 51)

 

- 213


අදහස් (0)

සධීර - අවිශ්ක යාපනය දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.