Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic අවිශ්ක - කුසල් ජනිත් ආපසු එති
එල්.පී.එල්. - 2022

අවිශ්ක - කුසල් ජනිත් ආපසු එති

editorial - 2022 නොවැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවේගවත්ම පිතිකරුවන් දෙදෙනා වන කුසල් ජනිත් පෙරේරා සහ අවිශ්ක ප්‍රනාන්දු එල්.පී.එල්. තරගාවලිය සඳහා තෝරාගනු ලැබ සිටිති. මෙම ක්‍රීඩකයෝ දෙදෙනාම, අති විශිෂ්ට ගණයේ ආරම්භක පිතිකරුවන් වන නමුත් පසුගිය මාස 10 පමණ කාලයේදී ශාරීරික ආබාධයන්ට ලක්ව සිටි බැවින් ආසියානු කුසලාන තරගාවලියට හෝ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි නොවූහ.

සැත්කමෙන් පසුව සුවය ලබා සිටින අවිශ්ක නිමාවූ අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ තරගාවලියේදී එස්.එස්.සී. පිල ක්‍රීඩා කළ අවසන් තරගයට සහභාගි විය. සුවය ලැබීමෙන් පසුව ඔහුගේ ප්‍රධාන තරගාවලිය වන්නේ එල්.පී.එල්. 2022 තරගාවලියයි.

අවිශ්ක ප්‍රනාන්දු සිය දකුණු කකුලේ දණහිසේ සැත්කමකට මුහුණ දුන්නේය. පසුගිය මාර්තු මාසයේදී අවිශ්කගේ සැත්කම කරන ලද්දේ සුප්‍රකට ඕස්ටේ්‍රලියානු ශල්‍ය වෛද්‍ය විශේෂඥයකු වන ඩේවිඩ් යංග් මහතා විසිනි. එයින් පසුව මාස හයක පමණ කාලයක් විවේක ගන්නා ලෙස වෛද්‍යවරයා අවිශ්කට උපදෙස් දී තිබිණ.

පසුගියදා ඕස්ටේ්‍රලියාවේදී පැවැති ලෝක කුසලාන තරගාවලිය සඳහා අවිශ්ක ක්‍රීඩා කරනු ඇතැයි අපේක්‍ෂා කළද අවිශ්කට ඊට ක්‍රීඩා කළ නොහැකි විය.

කුසල් ජනිත් පෙරේරා එංගලන්තයේදී උරහිසේ සැත්කමකට මුහුණ දුන් අතර ඔහු අවසන් වරට ක්‍රීඩා කළේ පසුගිය වසරේදී පැවැති එල්.පී.එල්. තරගාවලියටය.

මේ වන විට විනය චෝදනාවන්ට ලක්ව සිටින චාමික කරුණාරත්න ‘කැන්ඩ් ෆෝල්කන්ස්’ කණ්ඩායමට තෝරාගනු ලැබ ඇතත් ඔහුගේ සහභාගිත්වය අවිනිශ්චිත බව දැනගන්නට තිබේ.

එල්.පී.එල්. තරගාවලියේ කණ්ඩායම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (25 වැනිදා) ප්‍රකාශයට පත්කරන ලදි. එල්.පී.එල්. තරගාවලිය ලබන 06 වැනිදා හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.


කොළඹ ස්ටාර්ස්
බෙනී හොවෙල්, ඇන්ජලෝ මැතිව්ස්, රොමාරියෝ ෂෙපර්ඩ්, චරිත් අසලංක, ඩොමිනික් ඩ්රේක්ස්, රවී බොපාරා, නවීන් උල්-හක්, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ලක්ෂාන්, දිනේෂ් චන්දිමාල්, කරීම් ජනත්, සීකුගේ ප්‍රසන්න, ජෙෆ්රි වැන්ඩර්සේ, නිශාන් මධුෂ්ක, මුදිත ලක්ෂාන්, ලක්ෂිත මානසිංහ, කෙවින් කොත්තිගොඩ, චතුරංග කුමාර, නවෝද් පරණවිතාන, චමෝද් බැට්ටගේ, සුරංග ලක්මාල් සහ කසුන් රාජිත

දඹුල්ල අවුරා
සිකන්දර් රාසා, දසුන් ශානක, නූර් අහමඩ්, භානුක රාජපක්ෂ, ටොම් ඇබෙල්, ජෝර්ඩන් කොක්ස්, හයිදර් අලි, ළහිරු කුමාර, රමේෂ් මෙන්ඩිස්, චතුරංග ද සිල්වා, පෝල් වැන් මීකර්න්, ප්‍රමෝද් මධුෂාන්, ලසිත් කෲස්පුල්ලේ, තරිඳු රත්නායක, කලණ පෙරේරා, දිලුම් සුධීර, සචිත ජයතිලක, දුෂාන් හේමන්ත, ෂෙවෝන් ඩැනියෙල්, රවිඳු ප්‍රනාන්දු, ළහිරු මධුශංක සහ චමිඳු වික්‍රමසිංහ

ගාලු ග්ලැඩියේටර්ස්
ඉමාඩ් වසීම්, කුසල් මෙන්ඩිස්, ඉෆ්තිකාර් අහමඩ්, කුසල් ජනිත් පෙරේරා, මොහොමඩ් හස්නයින්, සර්ෆරාස් අහමඩ්, අසාම් ඛාන්, නුවන් ප්‍රදීප්, ලක්ෂාන් සඳකැන්, නුවන් තුෂාර, අන්වර් අලි, නුවනිදු ප්‍රනාන්දු, නිමේෂ් විමුක්ති, පුලින තරංග, මොවින් සුබසිංහ, නිපුන් මාලිංග, සචිඳු කොළඹගේ, ලක්ෂාන් ගමගේ, තරිඳු කෞෂාල් සහ සම්මු අශාන්

යාපනය කිංග්ස්
ජේම්ස් නීෂම්, තිසර පෙරේරා, ටොම් කෝලර්-කැඩ්මෝර්, ධනංජය ද සිල්වා, ෂොයිබ් මලික්, ජේම්ස් ෆුලර්, රමනුල්ලා ගුර්බාස්, මහේෂ් තීක්ෂණ, බිනුර ප්‍රනාන්දු, දුනිත් වෙල්ලාලගේ, වකාර් සලමකියෙල්, සුමින්ද ලක්ෂාන්, සධීර සමරවික්‍රම, ප්‍රවීන් ජයවික්‍රම, ඩිල්ෂාන් මධුශංක, නිපුන් ධනංජය, විජයකාන්ත් වියස්කාන්ත්, තීසන් විතුෂාන්, දේවේන්ද්‍රන් දිනූෂන්, අශාන් රන්දික, අවිශ්ක ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු

කැන්ඩි ෆෝල්කන්ස්
කාලෝස් බ්‍රැත්වේට්, වනිඳු හසරංග, ෆේබියන් ඇලන්, චාමික කරුණාරත්න, ඇන්ඩි ෆ්ලෙචර්, ඔෂේන් තෝමස්, ඉසුරු උදාන, මතීෂ පතිරණ, අශේන් බණ්ඩාර, නජිබුල්ලා සද්රන්, අශාන් ප්‍රියංජන්, මිනෝද් භානුක, කමිඳු මෙන්ඩිස්, අවිශ්ක පෙරේරා, අශේන් ඩැනියෙල්, මලින්ද පුෂ්පකුමාර, ජනිත් ලියනගේ, ලසිත් අබේරත්න, කවින් බණ්ඩාර, පැතුම් නිශ්ශංක සහ චමිඳු විජේසිංහ

 


අදහස් (0)

අවිශ්ක - කුසල් ජනිත් ආපසු එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.