Last Update  :  2025-12-17 19:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශී‍්‍ර ලංකා යොවුන් පිල එංගලන්තයත් පරදවයි

ශී‍්‍ර ලංකා යොවුන් පිල එංගලන්තයත් පරදවයි

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

සධීර සමරවික‍්‍රමගේ (82) සටන්කාමී ඉනිම නිසා වයස 19 න් පහළ ‘යොවුන්’ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ එංගලන්ත වයස 19 න් පහළ පිලට එරෙහිව ඩුබායි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (16) පැවැති පළමු වටයේ දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රීඩකයෝ එක කඩුල්ලක තියුණු ජයක් ලැබීමට සමත් වූහ.

මෙම ජයග‍්‍රහණයත් සමග ශ්‍රී ලංකා පිල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා යොවුන් පිල පළමු වටයේ සහභාගි වූ තරග දෙකෙන්ම ජය ලබා ‘ඞී’ කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට සමත්ව සිටියි. ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රීඩකයෝ පළමු තරගයේදී ලකුණු 49 කින් නවසීලන්තය පරාජය කළහ.

ශ්‍රී ලංකා යොවුන් පිල ලකුණු 231 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 48.5 කදී කඩුලූ 9 ක් දැවී සම්පූර්ණ කළහ.

තිලක්‍ෂ සුමනසිරි වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 42 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 43 ක් රැස්කරමින් ජයග‍්‍රහණයේ දැවැන්ත කොටකරුවකු බවට පත්විය. තිලක්‍ෂගේ වේගවත් ඉනිම නිසා අවසන් ඕවර කීපයේදී අනුක් ප‍්‍රනාන්දුට සහ ලක්‍ෂාන් ජයසිංහට කළබලයකින් තොරව ඉලක්කය කරා යෑමේ අවස්ථාව උදාවිය.  

උප නායක සධීර සමරවික‍්‍රම අන්තයක් ආරක්‍ෂා කර ගනිමින් පන්දු 89 කදී හතරේ පහර 10 ක් සමගින් ලකුණු 82 ක් රැස්කරමින් හයවැනි කඩුල්ල ලෙස දැවී යන විට ශ්‍රී ලංකා පිලට ජයග‍්‍රහණයට යෑමට මග සකස් වී තිබුණි.

සධීරගේ මෙම සුවිශේෂී ඉනිම නිසා ඔහු තරගයේ වීරයා වශයෙන්ද සම්මාන දිනාගත්තේය.

පළමු තරගයේදී ලකුණු 91 ක් රැස් කරමින් තරගයේ වීරයා බවට පත්වූ නායක කුසල් මෙන්ඩිස් පළමු පන්දුවේදීම දැවී යෑම ශ්‍රී ලංකා පිලට දැඩි පාඩුවක් බවට පත්විය.  

පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත යොවුන් පිලේ ජොනතන් ටැටර්ෂල් පන්දු 120 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 95 ක් රැස්කරමින් එංගලන්ත යොවුන් පිල සටනක් දියහැකි තත්ත්වයකට රැගෙන ඒමට සමත් විය.

ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නෝ ලකුණු 43 කට එංගලන්ත පිලේ පළමු කඩුලූ හතර දවාගත්ත ද, ජෙනතන් ටැටර්ෂල් (95) සහ විල් රෝඞ්ස් (38) පස්වැනි කඩුල්ල සදහා ලකුණු 71 ක සම්බන්ධතාවක් පවත්වමින් පීඩනයෙන් මිදීමට සමත් වූහ.
වමතින් වේග පන්දු යවන අනුක් ප‍්‍රනාන්දු ලකුණු 49 කට කඩුලූ 3 ක් දවා ගත්තේය.

බිනුර ප‍්‍රනාන්දු (61/2) සහ හර්ෂ රාජපක්‍ෂ (35/2) සෙසු සාර්ථක පන්දු යවන්නෝ බවට පත්වූහ.    

ශ්‍රී ලංකා යොවුන් පිලේ නායක කුසල් මෙන්ඩිස් කාසියේ වාසිය ලබා පළමු පන්දුවට පහර දීමට එංගලන්ත පිලට ආරාධනා කළේය.

පළමු තරගයට ක‍්‍රීඩා කළ රමේෂ් මෙන්ඩිස් වෙනුවට මෙම තරගය සඳහා ඒ. කේ. ටිරෝන් කැදවා තිබුණි.


ලකුණු පුවරුව

එංගලන්ත වයස 19 න් පහළ පිල

හැරී ෆින්ච් - ප. හර්ෂ රාජපක්‍ෂ     24
ඩොමිනික් සිබ්ලි - ප. අනුක් ප‍්‍රනාන්දු    4
රයන් හිගින්ස් - ඇ. මිනෝද් භානුක ප. අනුක් ප‍්‍රනාන්දු     6
ජෙනතන් ටැටර්ෂල් - ඇ. කුසල් මෙන්ඩිස් ප. අනුක් ප‍්‍රනාන්දු    95
එඞ්වඞ් බර්නාඞ් - ප. හර්ෂ රාජපක්‍ෂ     0
විල් රෝඞ්ස් - ක. මූ. කළා ප. බිනුර ප‍්‍රනාන්දු    38
ජෝයි ක්ලාක් - දුවද්දී දැවී ගියා     19
රොබ් සේයර් - ඇ. සධීර සමරවික‍්‍රම ප. බිනුර ප‍්‍රනාන්දු    18
ජැක් වින්ස්ලේඞ් - නොදැවී     2    
ජෝෂ් ශෝ - දුවද්දී දැවී ගියා     0
අතිරේක    24
එකතුව  ඕවර 50 යේදී කඩුලූ 9 ක් දැවී     230

පන්දුවට පහර නොදුන් පිතිකරු:
මැතිව් ෆිෂර්

කඩුලූ වැටීම:
1-23(ඩොමිනික් සිබ්ලි), 2-37(රයන් හිගින්ස්), 3-43(හැරී ෆින්ච්), 4-43(එඞ් බර්නාඞ්), 5-114 (විල් රෝඞ්ස්), 6-171(ජෝයි ක්ලාක්), 7-171(225(ජොබ් සේයර්), 8-230(ජෙනතන් ටැටර්ෂල්), 9-230(ජෝෂ් ශෝ)

පන්දු යැවීම:
බිනුර ප‍්‍රනාන්දු: 10-0-61-2, අනුක් ප‍්‍රනාන්දු: 10-1-49-3, හර්ෂ රාජපක්‍ෂ: 10-0-35-2, ලක්‍ෂාන් ජයසිංහ: 10-0-39-0, ඒ. කේ. ටිරෝන්: 10-1-39-0


ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල

හෂාන් දුමිඳු - ක. මූ. කළා ප. රොබ් සේයර්     17
සධීර සමරවික‍්‍රම - ඇ. ජොන්සන් ප. ජෝෂ් ශෝ    82
කුසල් මෙන්ඩිස් - ක. මූ. කළා ප. රොබ් සේයර්     0
මිනෝද් භානුක - ඇ. හැරී ෆින්ච් ප. විල් රෝඞ්ස්    3  
ප‍්‍රියමාල් පෙරේරා - ඇ. ජෝයි ක්ලාක් ප. ජැක් වින්ස්ලේඞ්    22
බිනුර ප‍්‍රනාන්දු - දුවද්දී දැවී ගියා     19   
තිලක්‍ෂ සුමනසිරි - ඇ. සහ ප. විල් රෝඞ්ස්    43
හර්ෂ රාජපක්‍ෂ - ඇ. ජෝයි ක්ලාක් ප. ජෝෂ් ශෝ    0
ඒ. කේ. ටිරෝන් - ඇ. ජෙනතන් ටැටර්ෂල් ප. ඩොමිනික් සිබ්ලි    20
අනුක් ප‍්‍රනාන්දු - නොදැවී     10
ලක්‍ෂාන් ජයසිංහ - නොදැවී     4
අතිරේක     11
එකතුව  ඕවර 48.5 කදී කඩුලූ 9 ක් දැවී     231

කඩුලූ වැටීම:
1-46(හෂාන් දුමිඳු), 2-46(කුසල් මෙන්ඩිස්), 3-49(මිනෝද් භානුක), 4-87(ප‍්‍රියමාල් පෙරේරා), 5-123(බිනුර ප‍්‍රනාන්දු), 6-160(සධීර සමරවික‍්‍රම), 7-160(හර්ෂ රාජපක්‍ෂ), 8-213(තිලක්‍ෂ සුමනසිරි), 9-222(ඒ. කේ. ටිරෝන්)

පන්දු යැවීම:
ජෝෂ් ශෝ : 6-0-38-2, මැතිව්ස් ෆිෂර්: 6-0-39-0, විල් රෝඞ්ස්: 9.5-0-45-2, රොබ් සේයර්: 10-0-33-2, ඩොමිනික් සිබ්ලි: 9-0-35-1, ජැක් වින්ස්ලේඞ් : 8-0-38-1
තරගයේ වීරයා : සධීර සමරවික‍්‍රම

 

- 048

 


අදහස් (0)

ශී‍්‍ර ලංකා යොවුන් පිල එංගලන්තයත් පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.