අයර්ලන්තය සහ පාකිස්තානය අතර ඩර්බින්හිදී අද (11 වැනිදා) ආරම්භ වීමට නියමිතව තිබූ ටෙස්ට් තරගයේ පළමු දිනය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ.
ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30 ට තරගය ආරම්භ වීමට නියමිතව තිබුණද, දිගින් දිගටම ඇද හැළුණ වර්ෂාව නිසා තරගයේ කාසියේ වාසිය උරඟා බැලීමට පවා නොහැකි විය.
ඒ අනුව මෙම තරගය දින 4 කට සීමාවනු ඇත. හෙට (12 වැනිදා) තරගයේ දෙවැනි දිනයයි.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.