Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සුමංගල විදුහල ලකුණු 259 ක් ඉදිරියෙන්
70 වැනි සුමංගල - මොරටු රන් සටන

සුමංගල විදුහල ලකුණු 259 ක් ඉදිරියෙන්

editorial - 2024 මාර් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

පානදුර ශ්‍රී සුමංගල විදුහල සහ මොරටු මහ විද්‍යාලය අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 70 වැනි ‘රන් සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දින වූ අද (29 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි මොරටු මහ විද්‍යාලය පළමු ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 23 ක් ලබා, සුමංගල විදුහලට වඩා තවත් ලකුණු 259 ක් පසුපසින් සිටියේය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් සුමංගල විදුහල කඩුලු 8 ක් දැවී ලකුණු 282 ක් ලබාගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවා මොරටු විද්‍යාලයට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය. එහිදී ක්‍රිෂාන් එරංග (63), විෂ්ව ළහිරු (52) සහ කවිඳු ගයත්‍ර (84) අර්ධ ශතක ලබමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. 

ක්‍රිෂාන්ගේ අර්ධ ශතකය හතරේ පහර 8 කින්ද, ළහිරුගේ අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 4 කින්ද සමන්විත වූ අතර කවිඳුගේ අර්ධ ශතකයට හතරේ පහර 11 ක් ඇතුළත් විය. නිෂිත දුලාංජන සහ සංජන සෙනෙවිරත්න කඩුලු 2 බැගින් බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. 


ශ්‍රී සුමංගල විදුහල් පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 282  
(ක්‍රිෂාන් එරංග 63, දුරංක සිල්වා 32, විෂ්ව ළහිරු 52, කවිඳු ගයත්‍ර 84, නේක්ෂ ඉද්දමල්ගොඩ 23, නිෂිත දුලාංජන 53/2, සංජන සෙනෙවිරත්න 73/2) 

මොරටු මහ විද්‍යාල පළමු ඉනිම - කඩුල්ලක් දැවී 23 

(ඡායාරූප -  කුෂාන් පතිරාජ)


අදහස් (0)

සුමංගල විදුහල ලකුණු 259 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.