Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සුමංගල - මොරටු රන් හටන ජය පැරදුමෙන් තොරව නිමයි

සුමංගල - මොරටු රන් හටන ජය පැරදුමෙන් තොරව නිමයි

editorial - 2024 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

පානදුර ශ්‍රී සුමංගල විදුහල සහ මොරටු මහ විද්‍යාලය අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති 70 වැනි ‘රන් සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත් විය. එහෙත් පළමු ඉනිමේ ජයක් ලැබූ සුමංගල විදුහල මෙවර තරගයේ වැඩි ගෞරව දිනා ගත්තේය. 

තරගය නිමාවට පත්වන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි සුමංගල ක්‍රීඩකයෝ, කඩුලු 4 ක් දැවී ලකුණු 157 ක් ලබා සිටියහ. එහිදී ආරම්භක පිතිකරු දුරංක සිල්වා (55) සහ රුසිත් ජයවර්ධන (58) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ. 

පළමු දිනය වූ සිකුරාදා (29 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 23 ක් ලබා සිටි මොරටු මහ විද්‍යාල ක්‍රීඩකයෝ, සෙනසුරාදා සිය පළමු ඉනිමට තවත් ලකුණු 204 ක් එක්කර ගත්හ. එහිදී ඉසුරු නිදර්ෂන (107) ශතකයක් ලබාගත් අතර විහඟ නිම්සර (නොදැවී 61) අර්ධ ශතකයක් ලබාගනිමින් ඉනිම නිමාවන තෙක් කඩුල්ලේ රැදී සිටියේය. 

සුමංගල පළමු ඉනිමේදී දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් අර්ධ ශතකයක් (52) ලබාගත් විෂ්ව ළහිරු, මොරටු මහ විදුහල් පළමු ඉනිමේදී ලකුණු 63 කට කඩුලු 5 ක් බිඳහෙළමින් දක්ෂ පන්දු යැවීමකද නිරත විය. 

 


ශ්‍රී සුමංගල විදුහල් පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 282  
(ක්‍රිෂාන් එරංග 63, දුරංක සිල්වා 32, විෂ්ව ළහිරු 52, කවිඳු ගයත්‍ර 84, නේක්ෂ ඉද්දමල්ගොඩ 23, නිෂිත දුලාංජන 53/2, සංජන සෙනෙවිරත්න 73/2) 

මොරටු මහ විද්‍යාල පළමු ඉනිම - සියලු දෙනා දැවී 227 
(විහඟ නිම්සර නොදැවී 61, ඉසුරු නිදර්ෂන 107, කාංචන නිම්ෂාන් 18, විෂ්ව ළහිරු 63/5, මෙවිඳු කුමාරසිරි 48/2, රසික දිල්ෂාන් 69/2) 

ශ්‍රී සුමංගල විදුහල් දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 157 
(දුරංක සිල්වා 55, රුසිත් ජයවර්ධන 58, නේක්ෂ ඉද්දමල්ගොඩ 15, හිමාෂ තරුෂ්ක 12/2) 


අදහස් (0)

සුමංගල - මොරටු රන් හටන ජය පැරදුමෙන් තොරව නිමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.