Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සුනිල සංග්‍රාමය ජය පරාජයෙන් තොරව අවසන්

සුනිල සංග්‍රාමය ජය පරාජයෙන් තොරව අවසන්

editorial - 2024 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්යාසලය හා දේවානන්ද විද්‍යාලය අතර පැවැති සුනිල සංග්‍රාම ක්‍රිකට් තරගය 41 වැනි වරටත් අද (31) ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

දෙවැනි ඉනිමේදී  ධර්මාශෝක විදුහලේ හිටපු   නායක සෙනිත හැළඹගේ නොදැවී ලබාගත් ශතකයට (148) පිං සිදුවන්නට දේවානන්ද විදුහල පුල පුලා බලා සිටි ඉනිමක ජයග්ර්හණයට ඉඩ නොතබා, ධර්මාශෝක විදුහලේ ගෞරවය ආරක්ෂා කර ගැනීමට ඔහු සමත්විය.

අම්බලන්ගොඩ නගර සභා පිටියේදී ඊයේ (30)සහ අද (31) පැවති මේ තරගයේදී කාසියේ වාසිය දිනා ගත් දේවානන්ද විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහරදීමට ධර්මාශෝක විද්‍යාලයට ආරාධනා කළේය.

දේවානන්ද විද්‍යාලය ඕවර 78.4 කදී සියලුදෙනාම  දැවී ලකුණු 231ක් ලබා ගත්තේය. එහිදී අර්ධ ශතකයක් ලබාගැනීමට දේවනන්ද විද්‍යාලයේ මයුර මල්ෂාන් (70) සමත්වූයේය. ඉෂාන් අනුරාධ (28/2), සෙනිත හැළඹගේ (40/2), ජිත්ර් සංසික (58/2), සහ පැතුම් මලිත (60/2) දේවානන්ද විදුහල් පළමු ඉනිමේ කඩලු දෙක බැගින් බෙදා ගත්හ.

දෙවැනි දිනය අවසානයේදී තරගය නතර කරන විට ධර්මාශෝක විදුහල කඩලු 5 ක් දැවි ලකුණු 285ක් ලබා සිටියේය.

පළමු ඉනිමේ ලකුණු 137 වාසිය වාසියක් අත්කරගෙන සිටි දේවානන්දයට දෙවැනි ඉනිමේදී එහි ප්‍රෙයා්ජනයක් අත්කරගත නොහැකි විය.

 

ධර්මාශෝක විද්‍යාලය - පළමු ඉනිම 94 යි
(සෙනුර සඳයුරු 31, මිනිදු ඕෂධ 34/5, විහඟ මලිත් 12/3)

දේවානන්ද විද්‍යාලය - පළමු ඉනිම 231යි
(මයුර මල්ෂාන් 70, දනිඳු ඉනෝෂ 42, රවිදු ජීවංක නොදැවී 30, සිතුම් විහග 23, විහඟ මලිත් 22, ඉෂාන් අනුරාධ 28/2, සෙනිත හැළඹගේ 40/2, ජිත්ර0 සංසික 58/2, පැතුම් මලිත 60/2)

ධර්මාශෝක විද්‍යාලය - දෙවැනි ඉනිම කඩලු 5 ට 285 යි
(සෙනිත හැළඹගේ නොදැවී 148, ආකාෂ් මෙන්ඩිස් 37, රන්දුල් සමරහේවා 24, ජිත්ර  සංසික 36, සඳලු රශ්මික 60/3)


අදහස් (0)

සුනිල සංග්‍රාමය ජය පරාජයෙන් තොරව අවසන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.