Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සීමිත ඕවර තරගයෙන් දේවානන්දයට කඩුලු 4 ක ජයක්

සීමිත ඕවර තරගයෙන් දේවානන්දයට කඩුලු 4 ක ජයක්

editorial - 2024 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලය අතර පැවති 48 වැනි සුනිල එක්දින ක්‍රිකට් තරගයේදී  දේවානන්ද විද්‍යාලය කඩුලු 4 කින් ජයගත්තේය. මේ තරගය අම්බලන්ගොඩ නගර සභා ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවත්විණ.

කාසියේ වාසිය දිනාගත් දේවානන්ද විද්‍යාලය පන්දුවට පහරදීමට ධර්මාශෝක විද්‍යාලයට ආරාධනා කළේය.

ධර්මාශෝක විද්‍යාලය ඕවර 42.4කදී සියලුදෙනාම දැවී ලකුණු 131 ක් ලබාගත්තේය‍. ධර්මාශෝක විද්‍යාලයේ චන්දූප කවීෂ ලකුණු 46ක් ද ආකාෂ් මෙන්ඩිස් ලකුණු 35 ක් ලබා ගත්හ. දක්ෂ පන්දු යැවීමක නිරත වූ දේවානන්ද විද්‍යාලයේ නායක වනිත් ද සිල්වා ලකුණු 12කට කඩලු 5 ක් බිඳ හෙලීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට ගිය දේවානන්ද විද්‍යාලය ඕවර 35.2කදී සිය ඉලක්කයවූ ලකුණු 131 ක පසු කරේ  කඩලු 6ක් පූජා කරමිනි. එහිදී දක්ෂ පිතිකරණයක යෙදුනු දේවානන්ද විද්‍යාලයේ මයුර මල්ෂාන් ලකුණු 38ක් ක්ද විහඟ සිතුම් නොදැවී ලකුණු 28 ක් ද ලබා ගත්හ. ධර්මාශෝක විද්‍යාලයේ ඉෂාන් අනුරාධ ලකුණු 21 කට ප්‍රතිවාදී කඩලු 2ක් දවා ගත්තේය.

 

ධර්මාශෝක විද්‍යාලය ඕවර 42.4 කදී සියලුදෙනාම දැවී 131
(චන්දූප කවීෂ 46, ආකාෂ් මෙන්ඩිස් 35, වනිත් ද සිල්වා 12/5, සඳරු රශ්මිත 29/2)

දේවානන්ද විද්‍යාලය ඕවර 35.2 කදී කඩලු 6ක් දැවී ලකුණු 135
(මයුර මල්ෂාන් 38, සිතුම් විහඟ 26, ඉෂාන් අනුරාධ 21/2)


අදහස් (0)

සීමිත ඕවර තරගයෙන් දේවානන්දයට කඩුලු 4 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.