Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කිසිදු අපහසුවකින් තොරව සිය ඉලක්කය කරා යමින් ඕවර 33.1 දී කඩුලු 4 ක් දැවී ලකුණු 154 ක් ලබාගත් මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාල කණ්ඩායම මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී ඉකුත් ඉරිදා (12 වැනිද) පැවැති සීමිත ඕවර තරගයේදී ලකුණු 62 ක සුවිසල් ජයග්‍රහණයක් ලබාගත්තේය. ශාන්ත සෙබස්තියන් ජයග්‍රහණයට ලකුණු 6 ක් පමණ අවශ්‍යව තිබියදී පිටිය මැදට පිවිිසි නරඹන්නන් තරගයට බාධා කිරීම හේතුවෙන් තරගය නතර කෙරුණද ඩක්වර්ත්-ලුවිස් න්‍යාය මත ශාන්ත සෙබස්තියන් විදුහලට ජයග්‍රහණය පිරිනැමිණ.
ලකුණු 160 ක ඉලක්කයක් කරා යමින් සිටි සෙබස්තියන් පිල වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් වූ මලින්ත පීරිස් (නොදැවී 62) සහ අවිශ්ක ප්‍රනාන්දු (56) අර්ධ ශතක ලබාගත්හ. ආරම්භයේ සිටම වේගවත් ලකුණු රැස්කිරීමක නිරතව සිටි ශාන්ත සෙබස්තියන් පිතිකරුවෝ ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව අපේක්‍ෂිත වේගයට ඉතා ඉදිරියෙන් සිටියහ. ඕවර 33.1 ක් අවසානයේදී තරගයේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූයේ ලකුණු 92 ක් පමණක් වුවද ඒ වන විටත් ලකුණු 154 ක් පුවරුවේ සටහන් වී තිබිණ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීම තෝරාගත් නමුත් වේල්ස් කුමරුවන්ට ඕවර 43.4 කදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 159 ක් පමණි. සෙබස්තියන් පිල වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ තෂීක් පෙරේරා ඕවර 6.4 ක් පමණක් යවමින් ලකුණු 25 කට කඩුලු 4 ක් දවාගනිද්දී නිමේෂ් බණ්ඩාර සිය ඕවර 10 දී ප්‍රතිවාදී පිතිකරුවන් ලකුණු 19 කට සීමා කරමින් ඔවුන්ගෙන් තිදෙනකුම ආපසු ක්‍රීඩාගාරයට යැවීය.
මහ තරගයේදී අර්ධ ශතකයක් ලබාගත් විශ්ව චතුරංග වේල්ස් කුමර විදුහල වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා විය.
වේල්ස් කුමර විදුහල - ඕවර 43.4 කදී සියලු දෙනා දැවී 159
(සඳුන් ප්‍රනාන්දු 15, විශ්ව චතුරංග 26, සනෝජ් දර්ශික 17, අවිඳු ප්‍රනාන්දු 21, ඩිලංක මධුරංග 13, සංජය ප්‍රනාන්දු 18, ඩිලේෂ් නානායක්කාර නොදැවී 10, තෂීක් පෙරේරා 25/4, නිමේෂ් බණ්ඩාර 19/3)
ශාන්ත සෙබස්තියන් විදුහල - ඕවර 33.1 කදී කඩුලු 4 ක් දැවී 154
(මලින්ත පීරිස් නොදැවී 62, අවිශ්ක ප්‍රනාන්දු 56, නිමේෂ් බණ්ඩාර 10, සවිඳු පීරිස් 21/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.