මුරලි සාම කුසලාන විඃ20 ක‍්‍රිකට් තරගාවලියේ කාන්තා තරගයකදී උතුරු නැගෙනහිර ඒකාබද්ධ කාන්තා කණ්ඩායම පරදවා කඩුලූ 10 කින් ජය ගැනීමට සීනිගම කාන්තා කණ්ඩායම ඊයේ (8 වැනිදා) සමත්විය. මෙම තරගය මාන්කුළම් විද්‍යාලීය ක‍්‍රීඩාංගණයේදී පැවැත්විය.
කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කාන්තා කණ්ඩායම ලකුණු 38 කට දවා ගැනීමට සීනිගම කාන්තා කණ්ඩායම සමත්විය.
නිලක්ෂණා සඳමිණි ලකුණු 2 කට කඩුලූ 4 ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවාය.
ලකුණු 38 ක ඉලක්කයක් හඹාගිය සීනිගම කාන්තා කණ්ඩායම ඕවර 3 කදී කිසිවකු නොදැවී තම ඉලක්කය පසු කර යෑමට සමත්විය.
කාන්තා තරග ඕවර 15 කට සීමා විය.
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කාන්තා කණ්ඩායම - ඕවර 12 කදී සියලූ දෙනා දැවී ලකුණු 38
(නිලක්ෂණා සඳමිණි 02/4, උමේෂා නිමේෂානී 06/2)
සීනිගම කාන්තා කණ්ඩායම - ඕවර 3 කදී කිසිවකු නොදැවී ලකුණු 39
(සකුණි දේශාංජලී නොදැවී 19)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.