Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් සමාජ සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ අද (13 වැනිදා) සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදී කුරුණෑගල යොවුන් ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කිරීමට සී.සී.සී. ක්‍රීඩා සමාජය සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 191 ක ඉලක්කයක් හඹාගිය සී.සී.සී. ක්‍රීඩකයෝ ඕවර 34.3 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ඉලක්කය සපුරාගත්හ. ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු නිෂාන් මධුෂ්ක පන්දු 108 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 76 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
පවන් සන්දේෂ් (නොදැවී 26) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 56 කදී ලකුණු 54 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගීමටද නිෂාන් සමත් වූ අතර පන්දු 24 කදී වාර්තා වූ සන්දේෂ්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය.
නායක ධනංජය ද සිල්වා පන්දු 29 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 25 ක් රැස්කිරීමට සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් කුරුණෑගල යොවුන් කණ්ඩායමට විෂ්ව ප්‍රනාන්දු සහ ඉනුක කරන්නාගොඩ ප්‍රමුඛ සී.සී.සී. පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම් හමුවේ ඕවර 50 අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 190 ක් පමණි. එහිදී විෂ්ව ලකුණු 17 කට කඩුලු 3 ක් දවාගත් අතර ඉනුක ලකුණු 44 කට කඩුලු 3 ක් බිඳහෙළීය.
කුරුණෑගල යොවුන් පිල - ඕවර 50 කදී සියලු දෙනා දැවී 190
(ලියෝ ෆ්‍රැන්සිස්කෝ 20, තරින්ද විජේසිංහ 21, රෂ්මික මධුෂාන් 17, අරවින්ද ප්‍රේමරත්න 19, වතිල උදාර 52, දිනුක තෙන්නකෝන් නොදැවී 21, විෂ්ව ප්‍රනාන්දු 17/3, ඉනුක කරන්නාගොඩ 44/3, ධනංජය ද සිල්වා 24/2)
සී.සී.සී. පිල - ඕවර 34.3 කදී කඩුලු 4 ක් දැවී 194
(ලසිත් කෲස්පුල්ලේ 21, නිෂාන් මධුෂ්ක නොදැවී 76, ධනංජය ද සිල්වා 25, අන්ජල බණ්ඩාර 20, පවන් සන්දේෂ් නොදැවී 26)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.