සැලසුම් සහගත ඉදිරි ගමනක්
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ පරිපාලනය බාරගැනීමෙන් මාස දෙකකට පසුව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවේ ඉදිරි ගමන සම්බන්ධයෙන් ඇති සැලසුම් ගෙනහැර දක්වමින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අතුරු කමිටුව කරුණු 15 ක් යුත් සැලැස්මක් ප‍්‍රකාශයට පත්කළේය.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මූලස්ථානයේදී, කි‍්‍රකට් අතුරු කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණි මහතාගේ ප‍්‍රධානත්වයෙන්, අද (8 වැනිදා) සවස පැවැත් පුවත් පත් සාකච්ඡුාවකදී මෙම සැලැස්ම ප‍්‍රකාශයට පත්කෙරිණ.
-
2016 -දී පැවැත්වෙන 20/20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සූදානම් වීමේ ප‍්‍රමුඛත්වය.
-
2019 දී එංගලන්තයේදී පැවැත්වෙන එක්දින ලෝක කුසලානය සඳහා සූදානම් වීමේ ප‍්‍රමුඛත්වය.
-
2016 සහ 2018 වසර වලදී පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලි සඳහා සූදානම් වීමේ ප‍්‍රමුඛත්වය.
-
ආර්. පේ‍්‍රමදාස ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණය උසස් කි‍්‍රයාකාරීත්ව මධ්‍යස්ථානයක් සේ වැඩිදියුණු කිරීම.
-
වෘත්තීමය පුහුණු කරුවන්ගේ තත්ත්වයන් ඉහළ නැංවීම.
-
වෘත්තීමය විනිශ්චයකරුවන්ගේ තත්ත්වයන් ඉහළ නැංවීම.
-
පාසල් කි‍්‍රකට් සංවර්ධන කි‍්‍රයාවලියන් වැඩිදියුණු කිරීම සහ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයන්ට, පුහුණුකරුවන්ට සහ කී‍්‍රඩා භාර ආචාර්යවරුන්ට විනය නීති පද්ධතියක් හඳුන්වා දීම.
-
සෑම ටෙස්ට් කී‍්‍රඩාංගණයක්ම සඳහා ගෘහස්ථ පුහුණු දැල් පහසුකම් ඇති කිරීම.
-
දේශීය කි‍්‍රකට්වල ගුණාත්මක තත්වයන් උසස් කිරීම සඳහා අදහස් ලබාගැනීම.
-
දිවයින පුරා නැගීඑන කී‍්‍රඩකයින් සංවර්ධනය කිරීම සඳහා සැලසුම් සකස්කිරීම.
-
කී‍්‍රඩා සමාජවලට කී‍්‍රඩා කරන වෘත්තීමය කි‍්‍රකට් කී‍්‍රඩකයින් සඳහා ප‍්‍රමාණාත්මක උසස් දීමනාවක් ගෙවීම.
-
ශ්‍රී ලංකා කි‍්‍රකට් සඳහා වඩාත් කාර්යක්‍ෂම පරිපාලනයක් ඇතිකිරීම.
-
සහායක අනුබද්ධිත කී‍්‍රඩා සමාජ සඳහා උසස් තත්වයන් පවත්වාගෙන යාම.
-
ටෙස්ට් තරග පැවැත්වෙන කී‍්‍රඩාංගණ කළමනාකරණය සඳහා වෘත්තීමය සැලැස්මක් ඇතිකිරීම.
-
විධිමත් පාලනයක් මගින් ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය ලාබ ලබන ආයතනයක් බවට පත්කිරීම.