Last Update  :  2024-03-27 19:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සධීරගේ ශතකය යාපනයට ජය ගෙනෙයි
ජාතික සුපිරි ලීගය - 2023

සධීරගේ ශතකය යාපනයට ජය ගෙනෙයි

editorial - 2023 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග එක්දින තරගාවලිය යටතේ ඊයේ (14 වැනිදා) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී මහනුවර කණ්ඩායමට එරෙහිව කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට යාපනය කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 228 ක ඉලක්කයක් හඹාගිය යාපනය ක්‍රීඩකයෝ ඕවර 48.4 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. නායකත්වයේ පිතිහරඹයක නිරත වූ සධීර සමරවික්‍රම පන්දු 113 කදී හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 101 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

ලකුණු 94 කට කඩුලු 6 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී රවිඳු ප්‍රනාන්දු (20) සමග එක්ව 7 වැනි කඩුල්ල සඳහා පන්දු 71 කින් ලකුණු 63 ක් එක්කළ සධීර, ඉන් නොනැවතී දිලුම් සුදීර (නොදැවී 31) සමග එක්ව 8 වැනි කඩුල්ල සඳහා පන්දු 77 කදී ලකුණු 73 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායමට දිලුම් සුදීර ප්‍රමුඛ යාපනය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 49.3 ක් අවසානයේ ලබාගත හැකි වූයේ ලකුණු 227 ක් පමණි. එහිදී දිලුම් ලකුණු 39 කට කඩුලු 3 ක් දවාගත් අතර බිනුර ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුෂාන් සහ නවෝද් පරණවිතාන කඩුලු 2 බැගින් බිඳහෙළුහ.


මහනුවර කණ්ඩායම - ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 227
(ලසිත් කෲස්පුල්ලේ 31, තනුක දාබරේ 24, ළහිරු උදාර 36, සහන් ආරච්චිගේ 40, අහන් වික්‍රමසිංහ 23, දිලුම් සුදීර 39/4, බිනුර ප්‍රනාන්දු 29/2, ප්‍රමෝද් මධුෂාන් 34/2, නවෝද් පරණවිතාන 41/2)

යාපනය කණ්ඩායම - ඕවර 48.4 කදී කඩුලු 7 ක් දැවී 230
(නවෝද් පරණවිතාන 21, සධීර සමරවික්‍රම නොදැවී 101, රවිඳු ප්‍රනාන්දු 20, දිලුම් සුදීර නොදැවී 31, තනුක දාබරේ 23/3)

 


අදහස් (1)

සධීරගේ ශතකය යාපනයට ජය ගෙනෙයි
  • Bunny Preena Wednesday, 15 March 2023 12:35 PM

    යාපනය කණ්ඩායමට එම ප්‍රෙද්ශයේ සිටින දක්ෂ ක්‍රීඩකයින් තෝරාගන්නේ නැත්තේ ඇයිදැයි කියලා මම අහන්න කැමැතියි.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.