Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් කි‍්‍රකට් සංගමය සංවිධානය කරන වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ II කාණ්ඩයේ දෙවැනි වටයට සුදුසුකම් ලබා ගැනීමට කණ්ඩායම් 40 ක් සමත් විය.
පළමු වටය සඳහා කණ්ඩායම් 85 ක් සහභාගී වූ අතර එම කණ්ඩායම් කාණ්ඩ 14 ක් යටතේ තරග වැදිණ.
දෙවැනි වටයට සුදුසුකම් ලබාගත් කණ්ඩායම් 40, එහිදී කණ්ඩායම් 5 බැගින් වූ කාණ්ඩ 8 ක් යටතේ තරග වදින අතර එම කාණ්ඩ අටේ ශූරතා සහ අනුශූරතා දිනාගන්නා කණ්ඩායම් 16 තෙවැනි වටයට (පෙර අර්ධ අවසන් පූර්ව වටයට) සුදුසුකම් ලබාගනු ඇත.
කැලණිය ශ්‍රී ධර්මාලෝක ‘ඒ’, කොළඹ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර ‘ඒ’, මොරටුව වේල්ස් කුමර ‘බී’, පන්නිපිටිය ධර්මපාල ‘බී’, කොච්චිකඬේ ලොයෙලා, කඳාන ද මැසිනෝද් ‘බී’, යාපනය ශාන්ත ජෝන් ‘ඒ’, මහනුවර ති‍්‍රත්ව ‘බී’, මාතලේ ශාන්ත තෝමස් ‘ඒ’, බණ්ඩාරවෙල ශාන්ත තෝමස් ‘ඒ’, බලංගොඩ ආනන්ද මෛතී‍්‍රය, පානදුර ශ්‍රී සුමංගල ‘බී’, වාද්දුව මැදි විදුහල සහ ඇල්පිටිය ආනන්ද යන විදුහල් කණ්ඩායම් පළමු වටයේදී තමන් තරග වැදුණ කාණ්ඩවල ශූරයන් ලෙස දෙවැනි වටයට සුදුසුකම් ලබාගෙන තිබේ.
දෙවැනි වටයේ තරග ඊයේ (9) ආරම්භ වූ අතර දෙසැම්බර් මස 8 වැනිදා දක්වා තරග පැවැත්වේ.
‘පී’ කාණ්ඩය -
කැලණිය ශ්‍රී ධර්මාලෝක ‘ඒ’ කණ්ඩායම, මාතලේ ශාන්ත තෝමස් විදුහල් ‘ඒ’ කණ්ඩායම, කොළඹ ශාන්ත තෝමස් කනිෂ්ඨ විදුහල, මතුගම ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර මැදි විදුහල සහ සඳලංකා ජාතික පාසල
‘කියු’ කාණ්ඩය -
කොළඹ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විදුහල් ‘ඒ’ කණ්ඩායම, බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විදුහල් ‘ඒ’ කණ්ඩායම, කොළඹ රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම, හොරණ තක්ෂිලා විදුහල සහ රද්දොළුව ශ්‍රී පඥ්ඥානන්ද විදුහල
‘ආර්’ කාණ්ඩය -
මොරටුව වේල්ස් කුමර විදුහල් ‘බී’ කණ්ඩායම, බලංගොඩ ආනන්ද මෛතී‍්‍රය ජාතික පාසල, වත්තල ශාන්ත ජොෂප් විදුහල් ‘ඒ’ කණ්ඩායම, ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල් ‘ඒ’ කණ්ඩායම සහ කැකිරාව මැදි විදුහල
‘එස්’ කාණ්ඩය -
පන්නිපිටිය ධර්මපාල විදුහල් ‘බී’ කණ්ඩායම, පානදුර ශ්‍රී සුමංගල විදුහල් ‘බී’ කණ්ඩායම, මීගමුව ශාන්ත පීතර විදුහල් ‘ඒ’ කණ්ඩායම, ගාල්ල විද්‍යාලෝක විදුහල් ‘ඒ’ කණ්ඩායම සහ පේරාදෙණිය රණබිම රාජකීය විදුහල
‘ටී’ කාණ්ඩය -
කොච්චිකඬේ ලොයෙලා විදුහල, ඇල්පිටිය ආනන්ද මැදි විදුහල, වාරියපොළ ශ්‍රී සුමංගල විදුහල, දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල් ‘බී’ කණ්ඩායම
‘යූ’ කාණ්ඩය -
කඳාන ද මැසිනෝද් විදුහල් ‘බී’ කණ්ඩායම, වාද්දුව මැදි විදුහල, කෑගල්ල ශාන්ත මේරි විදුහල, මෝදර ද ලාසාල් විදුහල සහ මාදම්පා මැදි විදුහල
‘වී’ කාණ්ඩය -
යාපනය ශාන්ත ජෝන් විදුහල් ‘ඒ’ කණ්ඩායම, කොළඹ ශාන්ත පීතර විදුහල් ‘ඒ’ කණ්ඩායම, කුරුණෑගල මලියදේව ආදර්ශ විදුහල, හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ‘බී’ කණ්ඩායම
‘ඩබ්ලිව්’ කාණ්ඩය -
මහනුවර ති‍්‍රත්ව විදුහල් ‘බී’ කණ්ඩායම, මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් ‘බී’ කණ්ඩායම, මොණරාගල රාජකීය විදුහල, කොළඹ ශාන්ත ජෝෂප් විදුහල් ‘බී’ කණ්ඩායම සහ කොළඹ නාලන්දා විදුහල් ‘බී’ කණ්ඩායම
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.