Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්තුවරුන්ගේ සටන ජය පැරදුමෙන් තොරයි

ශාන්තුවරුන්ගේ සටන ජය පැරදුමෙන් තොරයි

editorial - 2024 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

මරදාන ශාන්ත ජෝෂප් විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති 90 වැනි ‘ශාන්තුවරුන්ගේ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය ඉකුත් සෙනසුරාදා (23 වැනිදා) ජය පැරදුමෙන් තොරව නිමාවට පත් විය. 

තරගය නිමාවන විට ජයග්‍රහණය සඳහා ලකුණු 247 ක ඉලක්කයක් හඹායමින් සිටි ශාන්ත ජෝෂප් විදුහල කඩුල්ලක් දැවී ලකුණු 75 ක් ලබා සිටියේය. ඒ වන විට හිරාන් ජයසුන්දර හතරේ පහර 4 ක් සමග ලකුණු 38 ක්ද, හිරුන් කපුරුබණ්ඩාර හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 27 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.  

පළමු දිනය වූ සිකුරාදා (22 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 91 ක් ලබා සිටි ශාන්ත ජෝෂප් විදුහල සෙනසුරාදා තවත් ලකුණු 137 ක් රැස්කිරීමෙන් අනතුරුව සිය පළමු ඉනිම අත්හිටුවා ශාන්ත පීතර විදුහලට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය. 

ලකුණු 42 ක වාසියක් සමග දෙවැනි ඉනිම ඇරඹූ ශාන්ත පීතර විදුහල, කඩුලු 9 ක් දැවී ලකුණු 204 ක් රැස්කිරීමෙන් අනතුරුව ශාන්ත ජෝෂප් විදුහලට ලකුණු 247 ක ඉලක්කයක් කරා යෑම සඳහා ඉඩ සලසා දෙමින් සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. 

ශාන්ත පීතර විදුහල් පළමු ඉනිම - ඕවර 60 කදී කඩුලු 9 ක් දැවී 270
(ඔවීන් සල්ගාදු 46, දිලන දම්සර 103, නාදන් ඩේවිඩ් 35, ඉෂිර ආයුපාල 21, යෙනුල දෙව්තුස 74/4, මානස මධුභාෂන 69/3) 

ශාන්ත ජෝෂප් විදුහල් පළමු ඉනිම - ඕවර 49 කදී කඩුලු 5 ක් දැවී 228  
(අභිෂේක් ජයවීර 80, හිරුන් කපුරුබණ්ඩාර 94, විෂේන් හැලඹගේ 66/3) 

ශාන්ත පීතර විදුහල් දෙවැනි ඉනිම - ඕවර 63 කදී කඩුලු 9 ක් දැවී 204
(දිලන දම්සර 65, විෂේන් හැලඹගේ 25, ඇසදිස ද සිල්වා 21, ජොෂුවා සෙබස්තියන් 19, ඉෂිර ආයුපාල 21, මානස මධුභාෂන 66/4, යෙනුල දෙව්තුස 52/3) 

ශාන්ත ජෝෂප් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 13 කදී කඩුල්ලක් දැවී 75 
(හිරාන් ජයසුන්දර නොදැවී 38, හිරුන් කපුරුබණ්ඩාර නොදැවී 27) 


අදහස් (0)

ශාන්තුවරුන්ගේ සටන ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.