Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත සිල්වෙස්තර විදුහල කඩුලු 10කින් මහ තරගය දිනයි

ශාන්ත සිල්වෙස්තර විදුහල කඩුලු 10කින් මහ තරගය දිනයි

editorial - 2024 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී පැවැති ශාන්ත සිල්වෙස්තර විදුහලත් විද්‍යාර්ථ විදුහලත් අතර 64 වැනි මහා ක්‍රිකට් තරඟයෙන් කඩුලු 10 ක පහසු ජයක් වාර්තා කිරීමට සිල්වෙස්තර විදුහල සමත් විය .

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් විද්‍යාර්ථ පිතිකරුවෝ සියලු දෙනා ලකුණු 134 කට දැවී ගියහ. ඊට පිළිතුරු වශයෙන් සිල්වෙස්තර පිතිකරුවෝ සිය පළමු ඉනිම සඳහා කඩුලු 9 ක් දැවී ලකුණු 283 ක් රැස් කර ගත්හ. විද්‍යාර්ථ දෙවැනි ඉනිම ලකුණු 158 කට සීමා විය.

තරගය ජයගැනීම සඳහා ලකුණු 9 ක පහසු ඉලක්කයක් සිල්වෙස්තර පිතිකරුවන්ට හිමිවූ අතර කිසිවෙකුත් නොදැවී එම ඉලක්කය සපුරා ගැනීමට සිල්වෙස්තරයෝ සමත් වූහ.

තරඟයේ වීරයා ලෙස ශාන්ත සිල්වෙස්තර විදුහලේ ඉසුරු ගුණසේකර සම්මාන දිනාගත්තේය.

 

විද්‍යාර්ථ විදුහල - පළමු ඉනිම 134 යි
ශාන්ත සිල්වෙස්තර - පළමු ඉනිම කඩුලු 9 ට 283 යි

(අරූෂ මෙන්ඩිස් 34, චන්දුප වඩුගේ 57, යෝෂිත ඉසුරංග76, ඩියෝන් ප්‍රනාන්දු 36, අකිල වික්‍රමසිංහ නොදැවී 27, අනිෂ්ක ගුණරත්න 64/2, ෂෙවාන් මෝසස් 93/2, ඉෂාන් රඹුක්පිටිය29/2)
විද්‍යාර්ථ විදුහල - දෙවැනි ඉනිම 158 යි.
(බාසිත් නන්දතිස්ස 25, දනූප කොඩිකාර 35, දිනෙත් බුලංකුලම 63, කවිඳු හෙට්ටිආරච්චි 21, නිමේෂ සිල්වා 44/3, ඉසුරු ගුණසේකර 49/6)
ශාන්ත සිල්වෙස්තර - දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 12

 


අදහස් (0)

ශාන්ත සිල්වෙස්තර විදුහල කඩුලු 10කින් මහ තරගය දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.