Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත ජෝෂප් පිල සාර්ථක පිළිතුරකට සැරසෙයි

ශාන්ත ජෝෂප් පිල සාර්ථක පිළිතුරකට සැරසෙයි

editorial - 2024 මාර් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

මරදාන ශාන්ත ජෝෂප් විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 90 වැනි ‘ශාන්තුවරුන්ගේ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ ඊයේ (22 වැනිදා) මන්දාලෝක තත්වය හේතුවෙන් ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි ශාන්ත ජෝෂප් විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 91 ක් ලබා සිටියේය. 

ඒ අනුව ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ පළමු දිනය අවසානයේ කඩුලු 9 ක් අතැතිව ශාන්ත පීතර විදුහලට වඩා ලකුණු 179 ක් පසුපසින් සිටි අතර වේගවත් පිතිහරඹයක නිරත වූ හිරුන් කපුරුබණ්ඩාර හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 53 ක්ද, අභිෂේක් ජයවීර ලකුණු 23 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. 

කාසියේ වාසිය දිනූ ශාන්ත ජෝෂප් විදුහල් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත පීතර විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී ලකුණු 270 ක් ලබාගත්තේය. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු දිලන දම්සර හයේ පහර 4 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 103 ක් රැස්කළේය. 

පළමු කඩුල්ල වෙනුවෙන් ඔවීන් සල්ගාදු (46) සමග එක්ව ලකුණු 108 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද දිලන සමත් වූ අතර ඔවීන්ගේ ඉනිමට හතරේ පහර 7 ක් ඇතුළත් විය. නාදන් ඬේවිඞ් හතරේ පහර 5 ක් සමග ලකුණු 35 ක් රැස්කරමින් ශාන්ත පීතර ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. 


ශාන්ත පීතර විදුහල් පළමු ඉනිම - ඕවර 60 කදී කඩුලු 9 ක් දැවි 270
(ඔවීන් සල්ගාදු 46, දිලන දම්සර 103, නාදන් ඬේවිඞ් 35, ඉෂිර ආයුපාල 21, යෙනුල දෙව්තුස 74/4, මානස මධුභාෂන 69/3) 

ශාන්ත ජෝෂප් විදුහල් පළමු ඉනිම - ඕවර 22.3 කදී කඩුල්ලක් දැවී 91 
(අභිෂේක් ජයවීර නොදැවී 23, හිරුන් කපුරුබණ්ඩාර නොදැවී 53) 


අදහස් (0)

ශාන්ත ජෝෂප් පිල සාර්ථක පිළිතුරකට සැරසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.