Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා. සර්වේශස් 131 යි - සාන්ත තෝමස් 73/3 යි

ශා. සර්වේශස් 131 යි - සාන්ත තෝමස් 73/3 යි

editorial - 2024 මාර් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය හා සාන්ත තෝමස් කුමර විද්‍යාලය අතර පැවැත්වෙන 124 වැනි රුහුණු මහා නිල් සටන ක්‍රිකට් තරගයේ පලමු දිනය වු අද (22) ශාන්ත සර්වේශස් කණ්ඩායම පලමු ඉණිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 131 ක් රැස්කළේය. සාන්ත තෝමස් කණ්ඩායම දිනය නිමාකරන විට කඩුලූ 03 ක් දැවී ලකුණු 79 ක් රැස්කරගෙන සිටියේය.

කාසියේ වාසිය දිනාගත් සාන්ත තෝමස් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය.  දක්ෂ පන්දු යැවීමක නිරත වු සාන්ත තෝමස් කණ්ඩායමේ නායක නවිජ ද සේරම් පන්දුවාර 13 කදී ලකුණු 44 කට කඩුලු 05 ක් දවාගත්තේය.

මාස ගණනාවකට පසු අද උදෑසන මාතර නගරයට වැසි සහිත කාලගුණික තත්වයක් ඇතිවු අතර එමනිසා තරගය ආරම්භ කිරීම පැයක් පමණ ප්‍රමාද විය. මේනිසා පලමු දිනයේ කණ්ඩායම් දෙකටම ක්‍රීඩා කිරීමට හැකිවූයේ පන්දු ඕවර73 කට පමණි.

 

සාන්ත සර්වේශස් විද්‍යාලය - පලමු ඉනිම සියලු දෙනා දැවී131 යි
(විශ්ව සුපුන් 32, රිසිනු කිත්නුක 28, නවිජ ද සේරම 44/5, රිසිනු කිත්නුක 26/2) 

සාන්ත තෝමස් විද‍්‍යාලය -  පලමු ඉනිම කඩුලු 3 ට 79 යි
(නවිජ ද සේරම් නොදැවී 35, පෙසඳු සංජාන් නොදැවී18)


අදහස් (0)

ශා. සර්වේශස් 131 යි - සාන්ත තෝමස් 73/3 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.