Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශනෝගීත්ගෙන් ශතකයක්

ශනෝගීත්ගෙන් ශතකයක්

සංජය එරමුදුගොඩ - 2015 ජුලි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ සිව්කොන් ක‍්‍රිකට් තරගාවලියේ අවසන් තරගය එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී අද (29 වැනිදා) පැවැති අතර .බී. කණ්ඩායම පරදවා .ඞී. කණ්ඩායම ලකුණු 20 කින් ජය ගැනීමට සමත්විය.

කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් .ඞී. කණ්ඩායම  ඕවර් 50 අවසානයේදී කඩුලූ 8 ක් දැවී ලකුණු 287 ක් රැස් කිරීමට සමත්විය.
කවීන් බණ්ඩාර (88) සහ රමේෂ් නිමන්ත (51) අර්ධ ශතක ලබා ගනිමින් තම ප‍්‍රතිවාදී කණ්ඩායමට ලකුණු 288 ක ඉලක්කයක් ලබා දීමට සමත්වූහ.

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ .බී. කණ්ඩායමට ඕවර් 50 අවසානයේදී කඩුලු 9 ක් දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 267 ක් පමණි.

.ඞී. කණ්ඩායම වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරතවූ ශන්මුගනාදන් ශනෝගීත් පන්දු 98 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහර 4 ක් සමගින් ශතකයක් ලබා ගැනීමට සමත්වූ අතර ශතකය ලබාගත් පසු ඉනිම අත්හිටුවා ක‍්‍රීඩාගාරයට ගියේය.

පන්දු යැවීමේදී දේශාන් ගුණසිංහ ලකුණු 50 කට කඩුලූ 3 ක් සහ චරිත් අසලංක ලකුණු 59 කට කඩුලු 3 ක් ලබා ගනිමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා ගෙන යෑමට සමත්වූහ.

 

19 න් පහළ ‘ඩී’ කණ්ඩායම සහ 19 න් පහළ ‘බී’ කණ්ඩායම
එස්. එස්. සී. ක්‍රීඩාංගණය
2015 ජූලි 29
19 න් පහළ ‘ඩී’ කණ්ඩායම කාසිය වාසිය දිනා පන්දුවට පහරදීම තෝරාගනී
19 න් පහළ ‘ඩී’ කණ්ඩායම ලකුණු 20 කින් ජයගනී
           
‘ඩී’ කණ්ඩායම් ඉනිම  
තනුක දාබරේ  ප. නිෂාන් පීරිස් 17  
කවීන් බණ්ඩාර  ඇ. ශනෝගීත් ප. සිවකුමාර් 88  
චරිත් අසලංක  ක.මු.කළා ප. නිෂාන් පීරිස් 0  
පැතුම් නිස්සංක  ප. කුමාර 2  
රමේෂ් නිමන්ත  ඇ. රන්දික ප. තිලකරත්න 51  
ලක්ෂිණ රොද්‍රිගෝ  ඇ. රන්දික ප. ඩැනියෙල් 5  
වනිඳු හසරංග  ඇ. නිෂාන් පීරිස් ප. සිවකුමාර් 26  
නවිඳු නිර්මාල්  නොදැවී 23  
සජිත් වීරසිංහ ස්ට. රන්දික ප. නිමේෂ් 25  
දමිත් සිල්වා  නොදැවී 4  
අතිරේක       46  
එකතුව ඕවර් 50 කදී කඩුලු 8 ක් දැවී 287  
           
කඩුලු වැටීම:           
1-64 (දාබරේ), 2-64 (අසලංක), 3-77 (නිස්සංක),  
4-173 (නිමන්ත), 5-187 (රොද්‍රිගෝ), 6-232 (බණ්ඩාර),  
7-236 (හසරංග ), 8-277 (වීරසිංහ)  
           
පන්දුවට පහර නොදුන් පිතිකරුවන්:   
චානක දේවින්ද, උදිත් මධුෂාන්, සතික් නිම්සල, දේෂාන් ගුණසිංහ  
           
පන්දු යවන්නා ඕවර නි.ඕවර ලකුණු කඩුලු  
ගීතාල් මාලිංග  6 1 40 0  
ජෙහාන් ඩැනියෙල්  6 0 47 1  
ළහිරු කුමාර  6 0 45 1  
නිෂාන් පීරිස්  6 1 17 2  
ටොරින් පිටිගල  6 0 46 1  
තිලාන් නිමේෂ්  7 0 21 1  
රවිඳු තිලකරත්න 6 0 29 1  
ටිරෝන් සිවකුමාර් 7 0 37 1  
           
‘බී’ කණ්ඩායම් ඉනිම  
නිසල් ෆැන්සිස්කෝ  ඇ. හසරංග ප. ගුණසිංහ  23  
සහන් පීරිස්  ප. මධුෂාන් 18  
ශන්මුගනාදන් ශනෝගීත් පිටියෙන් ඉවත්විය 101  
අවිශ්ක ප‍්‍රනාන්දු ඇ. රොද්‍රිගෝ ප. ගුණසිංහ  0  
කවීෂ් දිල්රංග ක.මු.කළා ප. ගුණසිංහ  1  
විශාරද් රන්දික ක.මු.කළා ප. රොද්‍රිගෝ 4  
ප‍්‍රමෝද් මධුවන්ත ප. අසලංක 28  
සචිත ජයතිලක ඇ. හසරංග ප. අසලංක 41  
ජෙහාන් ඩැනියෙල් නොදැවී 24  
කුසල් ලක්තිළිණ ඇ. රොද්‍රිගෝ ප. අසලංක 2  
ටිරෝන් සිවකුමාර් නොදැවී 1  
අතිරේක       24  
එකතුව ඕවර් 50 කදී කඩුලු 9 ක් දැවී 267  
           
පන්දුවට පහර නොදුන් පිතිකරුවන්:   
ගීතාල් මාලිංග, ළහිරු කුමාර, නිෂාන් පීරිස්, ටොරින් පිටිගල,   
තිලාන් නිමේෂ්, රවිඳු තිලකරත්න  
           
කඩුලු වැටීම:           
1-46 (සහන් පීරිස්), 2-73 (ෆැන්සිස්කෝ), 3-84 (ප‍්‍රනාන්දු),  
4-86 (දිල්රංග), 5-110 (රන්දික), 6-191 (ශනෝගීත්),  
7-227 (මධුවන්ත), 8-244 (ජයතිලක), 9-256 (ලක්තිළිණ)  
           
පන්දු යවන්නා ඕවර නි.ඕවර ලකුණු කඩුලු  
උදිත් මධුෂාන්  10 0 58 1  
සතික් නිම්සල  5 0 28 0  
දේෂාන් ගුණසිංහ  10 1 50 3  
චරිත් අසලංක  10 0 59 3  
වනිඳු හසරංග  4 0 11 0  
චානක දේවින්ද  5 0 17 0  
ලක්ෂිණ රොද්‍රිගෝ  4 0 22 1  
දමිත් සිල්වා  2 0 20 0  

 


අදහස් (0)

ශනෝගීත්ගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.