Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වින්සන් හුල් කුසලාන කිංග්ස්වුඩ් පිලට

වින්සන් හුල් කුසලාන කිංග්ස්වුඩ් පිලට

editorial - 2024 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවැති ධර්මරාජ - කිංස්වුඩ් 34 වැනි එක්දින ක්‍රිකට් තරඟයෙන් ලකුණු 9 ක ජයක් වාර්තා කරමින් වින්සන් හුල් කුසලානය රැන්ඩ්ල්ස් කඳු මුදුනට රැගෙන යාමට කිංස්වුඩ් ක්‍රීඩකයෝ සමත් වූහ.

මෙම තරඟයේදී අති විශිෂ්ට පිතිහරඹයක නිරත වුකිංස්වුඩ් විදුහලේ කවිජ ගමගේ (102) ශතකයක් වාර්තා කරමින් තම කණ්ඩායම ජය මාවත කරා රැගෙන යාමට සමත් විය .

ධර්මරාජ විදුහල වෙනුවෙන් ගෞරවාන්විත සටනක් දුන් ශ්රී  ලංකා වයස 19න් පහළ කණ්ඩායමේ සාමාජික පලිඳු පෙරේරා(82) සහ ඉසුරු පන්නල (64) අර්ධ ශතක වාර්තා කළහ. 

 

කිංස්වුඩ් විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ට 233 යි 
(ආදිල් සෙරීෆ් 26, කවීජ ගමගේ 102, නිකේෂල නානායක්කාර 33, යෝෂිත අබේකෝන් 24, බරණ රත්නායක 33, දක්ෂිත මනුකල්ප 38/4, ඔනීජ සේසත් 19/2)

ධර්මරාජ විදුහල - ඕවර 48.2 කදී සියලු දෙනා දැවී 224 
(පළිඳු පෙරේරා 82, ඔනජිත් ද සිල්වා 33, ඉසුරු පන්නල 64, අමේශ් රූපසිංහ 25/3, නේනුක දිසානායක27/3)


අදහස් (0)

වින්සන් හුල් කුසලාන කිංග්ස්වුඩ් පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.