දකුණු පළාත් සභා රාජ්‍ය සේවා ක‍්‍රිකට් කණ්ඩායම හා වයඹ පළාත් සභා රාජ්‍ය සේවා ක‍්‍රිකට් කණ්ඩායම අතර පවත්වනු ලබන වාර්ෂික මහා ක‍්‍රිකට් තරගය හෙට (22) ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයේදී පැවැත්වේ. මෙහිදී කණ්ඩායම් දෙක ෂාන් විජයලාල් ද සිල්වා අභියෝගතා කුසලානය වෙනුවෙන් තරග වදිති.
මෙවර මෙම වාර්ෂික මහා ක‍්‍රිකට් තරගය පැවැත්වෙන්නේ සිව්වැනි වරටය.
මෙතෙක් පැවැත්වූ තරග තුනෙන් දෙකක් දකුණු පළාත් ක‍්‍රිකට් කණ්ඩායම හා එක් තරගයක් වයඹ පළාත් ක‍්‍රිකට් කණ්ඩායම විසින් ජයගෙන ඇත. පසුගිය 2014 දී කුරුණෑගල වෙලගෙදර ක‍්‍රීඩාංගණයේදී පවත්වන ලද නීතීඥ දයාසිරි ජයසේකර අභියෝග මහා ක‍්‍රිකට් තරගයේ ජය දකුණු පළාත් සභා රාජ්‍ය සේවා ක‍්‍රිකට් කණ්ඩායම විසින් දිනා ගත්තේය.
මෙවර දකුණු පළාත් සභා රාජ්‍ය සේවා ක‍්‍රිකට් කණ්ඩායම බී.ජී.නුවන් මධුශංඛ පේ‍්‍රමරත්න විසින්ද වයඹ පළාත් රාජ්‍ය සේවා ක‍්‍රිකට් කණ්ඩායම ඒ.එම්.එස්.සංජීව අබේසිංහ විසින්ද මෙහෙයවනු ලබති.
දකුණු පළාත් සභා රාජ්‍ය සේවා ක‍්‍රිකට් කණ්ඩායම
බී.ජී.නුවන් මදුශංක පේ‍්‍රමරත්න (නායක), ඒ.පී.අසන්ත නෙරංජන (උප නායක), එම්.ඞී.ගයාන් මදුශංක, එම්.කේ.බුද්ධික මනෝජ් මුණවීර, ජී.ලලින්ද ප‍්‍රියකමල්, ජී.ප‍්‍රදීප් ප‍්‍රියන්ත කුමාර, තිලක් වත්තුහේවා, ඞී.එම්.යූ.පියනන්ද, එන්.ජී.එස්.එන්.එන්. කුමාර, කේ.එච්.අසංක මධුමාධව, කේ.පී.ඩබ්.ප‍්‍රින්ස් උදය, එන්.ඩබ්.කේ.ධනුෂ්ක කරුණාසේන, ජී.එස්.ජානක අංජන කුමාර, එල්.කේ.මංජුල, ටී.එච්.ප‍්‍රසන්න නෙරංජන, ජී.නලින් ප‍්‍රියශාන්ත, ඞී.ආර්.ඩිල්ෂාන් එරන්ද රණවක, ජේ.එච්.කේ. චරිත රත්න ලංකා දේශප‍්‍රිය, ජී.එන්.ඩබ්. ද සිල්වා, පී.එල්.අයි. මහේෂ් රංගන සහ පී.එච්.කේ.මංජුල ප‍්‍රදීප්
වයඹ පළාත් සභා රාජ්‍ය සේවා ක‍්‍රිකට් කණ්ඩායම
ඒ.එම්.එස්.සංජීව අබේසිංහ (නායක), එම්.එච්.ඞී.ඉරුගල් බණ්ඩාර (උප නායක), ඩබ්.එම්.මහේන්ද්‍ර දේශප‍්‍රිය, ඒ.එම්.තනුර අසංක අධිකාරි, ඒ.එච්.එම්.ඉම්රාන්, රුක්මන් කාහිංගල, ආර්.ඞී.එස්.කේ.රාජපක්ෂ, පී.ආර්.එම්.එම්.මාධව රාජපක්ෂ, ඞී.එම්.ඞී.තරංග දිසානායක, කේ.ටී.උපුල් ජානක, ආර්.එම්.ඞී.නිරංජන් සෙනෙවිරත්න, ආර්.එම්.එස්.ස්වර්ණසිරි බණ්ඩාර, එස්.ඒ.ටී.සංජීව ගුණසේකර, ආර්.මහේන්ද්‍රන්, ඒ.චාමර ගයාශ‍්‍රී කරුණාජීව, ආර්.එම්.නුවන් ප‍්‍රසාද් රත්නායක, කේ.එම්.කුෂාන් සම්පත් බණ්ඩාර, ටී.එම්.එස්.වයි.බණ්ඩාර, එච්.එම්.ටී.අයි.හේරත්, ඩබ්.ජේ.ඒ.ජයසේකර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.