Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වනුජ - රොෂාන් ඒස් කැපිටල් පිල දිනවති

වනුජ - රොෂාන් ඒස් කැපිටල් පිල දිනවති

editorial - 2023 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතිය යටතේ වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ පැවැති තරගයකදී හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 140 ක පහසු ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය අද (2 වැනිදා) සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 287 ක ඉලක්කයක් හඹාගිය මේරියන්ස් කණ්ඩායමට වනුජ සහන්ගේ සහ රොෂාන් ජයතිස්සගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 146 ක් පමණි. එහිදී වනුජ සහ රොෂාන් කඩුලු 5 බැගින් බිඳහෙළමින් මේරියන්ස් දෙවැනි ඉනිම සුනුවිසුණු කර දැමූහ.

පළමු ඉනිමේදී දවාගත් කඩුලු 5 ත් සමග මෙම තරගයේදී කඩුලු 10 ක් බිඳහෙළීමට වනුජ සමත් වූ අතර පළමු ඉනිමේදී දවාගත් කඩුලු 3 ත් සමග කඩුලු 8 ක් බිඳහෙළීමට රොෂාන් සමත් විය. මෙවර තරග වාරයේ සහභාගි වූ තරග 10 දී ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය ලැබූ සිවුවැනි පූර්ණ ජයග්‍රහණය ලෙසද මෙය සටහන් විය. 

පන්දුවෙන් පමණක් නොව මෙම තරගයේදී පිත්තෙන්ද දස්කම් දැක්වූ වනුජ සහන්, පළමු ඉනිමේදී හතරේ පහර 5 ක් සමග ලකුණු 60 ක්ද, දෙවැනි ඉනිමේදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 35 ක්ද රැස්කිරීමට සමත් විය. ඔහුට අමතරව ඒස් කැපිටල් කණ්ඩායමේ නායක හර්ෂ කුරේ (නොදැවී 54) සහ කවිඳු ආමන්තද (57) එහිදී අර්ධ ශතක ලබාගත්හ. 


ඒස් කැපිටල් පළමු ඉනිම - සියලු දෙනා දැවී 272
(තනුක දාබරේ 30, පවන්ත වීරසිංහ 34, රවිඳු රත්නායක 24, වනුජ සහන් 60, රොෂාන් ජයතිස්ස 21, නිම්සර අතරගල්ල 46, චමෝද් සඳරු 70/4, ලසිත් ලක්ෂාන් 78/2) 

හලාවත මේරියන්ස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 188
(රමේෂ් නිමන්ත 36, ලසිත් ලක්ෂාන් 20, රවීන් යසස් 61, තික්ෂිල ද සිල්වා 40, වනුජ සහන් 56/5, රොෂාන් ජයතිස්ස 83/3, පවන්ත වීරසිංහ 26/2) 

ඒස් කැපිටල් දෙවැනි ඉනිම - කඩුලු 9 ක් දැවී 202 
(කවිඳු ආමන්ත 57, හර්ෂ කුරේ නොදැවී 54, වනුජ සහන් 35, ලසිත් ලක්ෂාන් 69/4, අවිඳු තීක්ෂණ 45/2, ඉරුක්ෂ තිමිර 79/2) 

හලාවත මේරියන්ස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 146 
(ලසිත් ලක්ෂාන් 20, පුලින තරංග 29, චමෝද් සඳරු 25, අවිඳු තීක්ෂන 22, වනුජ සහන් 47/5, රොෂාන් ජයතිස්ස 78/5) 


අදහස් (0)

වනුජ - රොෂාන් ඒස් කැපිටල් පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.