Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වංශාධිපතිවරුන්ගේ සටන ජය පරාජයෙන් තොරයි

වංශාධිපතිවරුන්ගේ සටන ජය පරාජයෙන් තොරයි

editorial - 2024 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රත්නපුර විශේෂ අප්සරා යෝසිත් විජේසූරිය)

රත්නපුර ඇලෝසියස් ජාතික පාසල සහ රත්නපුර නව නගරයේ කුමර විද්‍යාලය අතර මාර්තු 1 සහ 2 දිනවලදී රත්නපුර මහ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවති වංශාධිපතිවරුන්ගේ සටන මහා ක්‍රිකට් තරඟය ජයපරාජයෙන් තොරව නිමාවට පත්විය.

වසර 2018 දී ආරම්භ වූ මෙම ඇලෝසියස් - කුමර වාර්ෂික  මහා ක්‍රිකට් තරගයේදී මෙවරත් පළමු ඉනිමේදී ඇලෝසියස් විදුහල ජයග්‍රහණය වාර්තා කළේය.

ඇලෝසියස් විද්‍යාලයේ චානුක ධනංජයඅර්ධ ශතකයක් සමඟ ලකුණු 65 ක් රැස්කරගෙන, කඩුලු තුනක් බිඳ හෙළමින් තරඟයේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්විය. රත්නපුර කුමර විද්‍යාලයේ කණ්ඩායම් නායක ඔවිඳු රාජපක්ෂ හතරේ පහර 07 ක් සහ හයේ පහර 3 ක් සමග පන්දු 106 කදී ලකුණු 64 ක් ලබාගත් අතර ඔහු මේ තරගයේදක්ෂතම පිතිකරු ලෙසින් සම්මාන දිනාගත්තේය.

රත්නපුර  කුමර විද්‍යාලයේ මුදිත දම්මිත් කඩුලු 05ක් ලබාගනිමින් දක්ෂතම පන්දු යවන්නාවු අතර ඇලෝසියස් විද්‍යාලයේ භාණුක ජනිත්ප්‍රිය දක්ෂතම පන්දු රකින්නා විය.

 

කුමර විදුහල පළමු ඉනිමදී - සියලු දෙනා දැවී 171
(ඔවිඳු රාජපක්ෂ 64, තේජාන් ජයරත්න 52, දිල්සර උදාන 11, කවීෂ විමලසිරි 50/3, කල්ප භානුක 35/3, චානුක ධනංජය 40/3)

ඇලෝසියස් විදුහල පළමු ඉනිම - සියලු දෙනාදැවී 195
(චානුක ධනංජය 65, භාණුක ජනිත්ප්‍රිය 40, තුහින අනුහස් 18, කවිඳු දිල්ශාන් 16, කල්ප භානුක 12, මුදිත දම්මිත් 42/5, මොහොමඩ් මින්හාජ් 40/4) 

කුමර විද්‍යාලය දෙවන ඉනිම - කඩුලු 6 ට 105
හංසක ලෝරන්ස් නොදැවී 28, මොහොමඩ් මින්හාජ් 19, චානුක ධනංජය 15/2, කවි‍ඳු දිල්ෂාන් 13/2)

 

තරගයේ දක්ෂතම ක්‍රීඩකයා වශයෙන් සම්මාන දිනාගත් ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ චානුක ධනංජය,  ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය අතින් සම්මානය ලබාගත් මොහොත.


අදහස් (0)

වංශාධිපතිවරුන්ගේ සටන ජය පරාජයෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.