ශ්රී ලංකා ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණතම පුහුණුකරුවකු වන ලයනල් මෙන්ඩිස් මහතාගේ 60 වසරක සේවය ඇගයීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන ‘ලයනල් මෙන්ඩිස් ක‍්‍රිකට් හරසර ප‍්‍රණාම උළෙල’ මේ මස 21 වැනිදා පෙරවරු 10.00 ට කොළඹ ආනන්ද විදුහල් කුලරත්න ශාලාවේදී පැවැත්වේ.
මෙන්ඩිස් මහතා 1973 වසරේ කොළඹ ආනන්ද විදුහලෙන් ක‍්‍රිකට් පුහුණුකරු ධූරයේ වැඩ ඇරඹු අතර ශ‍්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ අර්ජුන රණතුංග, ධම්මික රණතුංග, බ්‍රෙන්ඩන් කුරුප්පු, චරිත් සේනානායක, නිශාන්ත රණතුංග, සංජීව රණතුංග සහ දුලිප් සමරවීර වැනි කී‍්‍රඩකයෝ මෙන්ඩිස් මහතා යටතේ ක‍්‍රිකට් ගුරුහරුකම් ලැබූවෝ වෙති.
පසු කලෙකදී මෙන්ඩිස් මහතාගේ මූලිකත්වයෙන් එන්. සී. සී. ක‍්‍රිකට් පුහුණු පාසල ආරම්භ කළ අතර මහේල ජයවර්ධන, කුමාර ධර්මසේන, සංජීව වීරසිංහ, තිලාන් සමරවීර, නිරෝෂන් බණ්ඩාරතිලක, අවිෂ්ක ගුණවර්ධන, නවීඞ් නවාස් සහ ජෙහාන් මුබාරක් වැනි ප‍්‍රබල ක‍්‍රීඩකයෝ එන්. සී. සී. පුහුණු පාසලේදී මෙන්ඩිස් මහතාගේ ගුරුහරුකම් ලැබූවෝ වෙති.
ශ්‍රී ලංකාවේ ක‍්‍රිකට් පුහුණුකරුවන් අතර ජනප‍්‍රිය කි‍්‍රකට් ග‍්‍රන්ථයක් වන ‘ක‍්‍රිකට් හුරුව’ අත්පොතද ලයනල් මෙන්ඩිස් මහතාගේ සම්පාදනයකි.
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ලයනල් මෙන්ඩිස් මහතා මේ වන විට 80 වැනි වියේ පසු වෙයි. ඒ මහතා ගාල්ල රිච්මන්ඞ් විදුහලෙන් ගුරුවරයකු ලෙස වෘත්තිය ජීවිතය ආරම්භ කළ අතර හමුදා නිලධාරියකු ලෙසද කටයුතු කර තිබේ.
ලෝක ශූර ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නායක මෙන්ම වර්තමාන වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ අදහසක් අනුව ආදි ආනන්දීය එකමුතුව සහ ‘සේව් ද ස්පෝර්ට්ස් ඉන් ශ්‍රී ලංකා’ යන සංවිධානය මෙම උපහාර උත්සවය සංවිධානය කරයි.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.