Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී රොෂේන් ප‍්‍රනාන්දුගේ දක්ෂ පන්දු යැවීම හමුවේ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය පරදවා ඉනිමකින් සහ ලකුණු 71 කින් ජය ගැනීමට ජෝසප් වාස් විද්‍යාලය සමත්විය. මෙම තරගය අනුරාධපුර සමාධී ක‍්‍රීඩාංගණයේදී අද (18 වැනිදා) අවසන්විය.
මුලින්ම පන්දුවට පහරදුන් ජෝසප් වාස් විද්‍යාලය පළමු ඉනිමට කඩුලූ 8 ක් දැවී ලකුණු 321 ක් රැස් කර ගැනීමට සමත්විය. ප‍්‍රවීන් ඩිලන්ක (88) සහ මදුශාන් රණතුංග (66) අර්ධ ශතක ලබා ගැනීමට සමත්වූහ. පන්දු යැවීමේදී ධනංජය බණ්ඩාර ලකුණු 49 කට කඩුලූ 4 ක් ලබා ගත්තේය.
රොෂේන් ප‍්‍රනාන්දුගේ (27/6) දක්ෂ පන්දු යැවීම හමුවේ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට තම පළමු ඉනිමට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 114 ක් පමණි.
ඉනිමක පරාජයෙන් බේරීම සදහා පිටියට පිවිසි අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලීය දෙවන ඉනිමද අඩපණ කරමින් නැවතත් දක්ෂ පන්දු යැවීමක නිරතවු රොෂේන් ප‍්‍රනාන්දු ලකුණු 38 කට කඩුලු 5 ක් දවා ගනිමින් තරගය පුරා කඩුලූ 11 ක් ලබාගත්තේය. අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය දෙවන ඉනිමේදී ලකුණු 138 කට සියලූ දෙනා දැවී ගියේය.
ජෝසප් වාස් විද්‍යාලය පළමු ඉනිම - ඕවර 67.3 කදී කඩුලූ 8 ක් දැවී ලකුණු 321
(ප‍්‍රවීන් ඩිලන්ක 88, මදුශාන් රණතුංග 66, ගිහාන් අබේරත්න 41, ධනංජය බණ්ඩාර 49/4)
අනුරාධපුර මධ්‍ය විද්‍යාලය පළමු ඉනිම - ඕවර 35.2 කදී සියලූ දෙනා දැවී ලකුණු 114
(ශානුක කැලූම් 36, රොෂේන් ප‍්‍රනාන්දු 27/6, ප‍්‍රවීන් ඩිලන්ක 40/2)
අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය දෙවන ඉනිම - ඕවර 34.1 කදී සියලූ දෙනා දැවී ලකුණු 138
(සහන් ඉෂාර 45, දිල්ශාන් දිසානායක 30, රොෂේන් ප‍්‍රනාන්දු 38/5, අවිශ්ක තුලන්ගම 20/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.