Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ රාජකීය විදුහල සහ ගාල්ල රිච්මන්ඞ් විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට රාජකීය විදුහල සමත් විය.
එහිදී රාජකීය විදුහලේ වමත් පිටදඟ පන්දුයවන කී‍්‍රඩක ලසිත් ඇඹුල්දෙණිය ඉනිම් දෙකේදීම ලකුණු 146 කට කඩුලූ 13 ක් දවාගනිමින් දස්කම් දැක් වූ අතර පන්දු 140 කදී හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමගින් ලකුණු 108 ක් රැුස්කිරීමට නවීන් විදානපතිරණ සමත් විය.
තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි රිච්මන්ඞ් විදුහල කඩුලූ 6 ක් දැවී ලකුණු 280 ක් ලබා සිටියේය.
රිච්මන්ඞ් විදුහල පළමු ඉනිම - ඕවර 28.3 කදී සියලූ දෙනා දැවී 57
(ධනංජය ලක්ෂාන් 13, ලසිත් ඇඹුල්දෙණිය 15/8)
රාජකීය විදුහල පළමු ඉනිම - ඕවර 59.1 කදී කඩුලූ 9 ක් දැවී 202
(නවීන් විදානපතිරණ 108, රූනක ජයවර්ධන 34, අවිඳු තීක්ෂණ 57/2)
රිච්මන්ඞ් විදුහල දෙවැනි ඉනිම - ඕවර 77 කදී කඩුලූ 6 ක් දැවී 280
(පසිඳු බිම්සර 93, අවිඳු තීක්ෂණ නොදැවී 54, චාමිකර හේවගේ 48, කමිඳු මෙන්ඩිස් 32, ධනංජය ලක්ෂාන් 26, ලසිත් ඇඹුල්දෙණි 131/5)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.