Last Update  :  2025-08-16 21:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රහනේ - විහාරි ඉන්දියාව ඔසවා තබති

රහනේ - විහාරි ඉන්දියාව ඔසවා තබති

editorial - 2019 අගෝ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය (22 වැනිදා) නිමාවට පත්වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 203 ක් ලබා සිටියේය.

පළමු දිනය සඳහා තරගය නතර කරන විට රිෂාබ් පාන්ට් හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 20 ක් ලබා පන්දුවට පහරදෙමින් සිටි අතර අනෙක් අන්තයේ නොදැවී සිටි රවින්ද්‍ර ජදේජා ලබා සිටියේ ලකුණු 3 ක් පමණි.
 
ඉනිමේ මුල් ඕවර 8 තුළ නායක විරාට් කෝලිද (9) සමගින් ඉදිරිපෙළ පිතිකරුවන් තිදෙනෙක්ම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට කොදෙව් පන්දු යවන්නෝ සමත් වූහ. ඉන් අනතුරුව ආරම්භක පිතිකරු ලොකේෂ් රාහුල් (44) සමග එක්වූ අජින්ක්‍යා රහනේ (81) සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 68 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය.

කෙසේ වුවත් රොස්ටන් චේස්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ශායි හෝප් අතට උඩ පන්දුවක් දෙමින් රාහුල් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය. රහනේගේ 18 වැනි ටෙස්ට් අර්ධ ශතකය හතරේ පහර 10 කින් සමන්විත වූ අතර රාහුල්ගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් විය.

රාහුල්ගේ දැවී යෑමෙන් අනතුරුව හනුමා විහාරි (32) සමග එක් වූ රහනේ, පස්වැනි කඩුල්ල වෙනුවෙන්ද ලකුණු 82 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය. එහෙත් හතරේ පහර 5 ක් සමග ලකුණු රැස්කරමින් සිටි විහාරි දවාගත් කේමර් රෝච් එම සම්බන්ධතාවටද තිත තැබුවේය.

පළමු දිනයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ කේමර් රෝච්, ලකුණු 34 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. ඉන්දීය පිතිකරුවන් අසීරු තත්වයකට ඇද දැමීම සඳහා රෝච්ට අනගි සහායක් දුන් ශැනන් ග්‍රේබි්‍රයෙල් ලකුණු 49 කඩුලු 2 ක් බිඳහෙළීය.
 
ඉන්දීය පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 203
(ලොකේෂ් රාහුල් 44, අජිනක්‍යා රහනේ 81, හනුමා විහාරි 32, රිෂාබ් පාන්ට් නොදැවී 20, කේමර් රෝච් 34/3, ශැනෙන් ගේබි්‍රයෙල් 49/2)

-036

 


අදහස් (0)

රහනේ - විහාරි ඉන්දියාව ඔසවා තබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.