Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යාපනය ශා. ජෝන් විද්‍යාලයට ලකුණු 45ක ජයක්

යාපනය ශා. ජෝන් විද්‍යාලයට ලකුණු 45ක ජයක්

සංජය එරමුදුගොඩ - 2015 ඔක් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මුරලි සාම කුසලාන විඃ20 ක‍්‍රිකට් තරගාවලියේ තරගයකදී අප් කන්ටි‍්‍ර පාසල් ඒකාබද්ධ කණ්ඩායම පරදවා ලකුණු 45 කින් ජය ගැනීමට යාපනය ශා. ජෝන් විද්‍යාලය අද (7 වැනිදා) සමත්විය. මෙම තරගය යාපනය මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් යාපනය ශා. ජෝන් විද්‍යාලය ලකුණු 109 ක් රැස් කිරීමට සමත්වූයේය.

ලකුණු 110 ක ඉලක්කයක් හඹාගිය අප් කන්ටි‍්‍ර පාසල් ඒකාබද්ධ කණ්ඩායමට සියලූ දෙනා දැවී ලබා ගතහැකිවූයේ ලකුණු 64 ක් පමණි.


යාපනය ශා. ජෝන් විද්‍යාලය -  ඕවර 20 කදී කඩුලූ 9 ක් දැවී ලකුණු 109
(ක‍්‍රිෂාන්තුජාන් නොදැවී 41, පසිඳු ශානුක 7/3, රවින්ද්‍ර යසස් 30/2)

අප් කන්ටි‍්‍ර පාසල් ඒකාබද්ධ කණ්ඩායම -  ඕවර 16.2 කදී සියලූ දෙනා දැවී ලකුණු 64
(ඔශාන් තීක්ෂණ 23, සෝමස්කරන් පරමනාන්තන් 5/3, නිරෝෂන් කුලේන්ද්‍රන් 5/3, ජතූෂන් වසන්තන් 12/2, එල්. රවීන්තිරන් 19/2)

 


අදහස් (0)

යාපනය ශා. ජෝන් විද්‍යාලයට ලකුණු 45ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.