Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යාපනය ආරම්භයේදීම පෙරමුණ ගනී
ජාතික සුපිරි ලීගය - 2023

යාපනය ආරම්භයේදීම පෙරමුණ ගනී

editorial - 2023 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග එක්දින තරගාවලියේ මුල් තරග 2 අවසන් වන විට ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට යාපනය කණ්ඩායම සමත් විය. ගාල්ල කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ප්‍රසාද ලකුණක්ද සමග ජයගත් යාපනය කණ්ඩායම, මේ වන විට ලබා සිටින මුලු ලකුණු සංඛ්‍යාව 5 කි.

කොළඹ කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ජය ගැනීමට දඹුල්ල කණ්ඩායම සමත් වුවද, එහිදී ප්‍රසාද ලකුණක් ලබාගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන්ට ලකුණු 4 ක් ලබා දෙවැනි ස්ථානයේ රැදී සිටීමට සිදුවිය. පළමු දිනයේදී මහනුවර කණ්ඩායමට තරගයක් නොතිබුණ හෙයින් තවමත් ඔවුන් ලකුණු සටහනේ පතුලේ රැදී සිටියි.

පළමු දිනයේදී පැවැති තරගවලදී සධීර සමරවික්‍රම (53) සහ ජනිත ලියනගේ (62) යාපනය කණ්ඩායම වෙනුවෙන්ද, පසිඳු සූරියබණ්ඩාර (51) සහ පැතුම් කුමාර (නොදැවී 60) ගාල්ල කණ්ඩායම වෙනුවෙන්ද, අෂාන් ප්‍රියන්ජන් (නොදැවී 50) දඹුල්ල කණ්ඩායම වෙනුවෙන්ද අර්ධ ශතක ලබාගත්හ. එහිදී ගාල්ල කණ්ඩායමේ දිල්ෂාන් මධුෂංක ලකුණු 40 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


යාපනය පිලට ලකුණු 55 ක ජයක් (ඩක්වත් ලුවිස් න්‍යායට අනුව)

යාපනය පිල - ඕවර 48.4 කදී සියලු දෙනා දැවී 233
(සධීර සමරවික්‍රම 53, ජනිත ලියනගේ 62, ළහිරු මධුෂංක 22, කමේෂ් නිර්මාල් 18, රවිඳු ප්‍රනාන්දු 46, දිල්ෂාන් මධුෂංක 40/5)

ගාල්ල පිල - ඕවර 32.3 කදී කඩුලු 9 ක් දැවී 171
(පසිඳු සූරියබණ්ඩාර 51, විෂාද් රන්දික 14, පැතුම් කුමාර නොදැවී 60, ප්‍රමෝද් මධුෂාන් 42/3, රවිඳු ප්‍රනාන්දු 14/2, ළහිරු මධුෂංක 22/2)


දඹුල්ල පිලට කඩුලු 4 ක ජයක්
කොළඹ පිල - ඕවර 40.4 කදී සියලු දෙනා දැවී 195
(කුසල් පෙරේරා 29, නිපුන් ධනංජය 26, දසුන් ශානක 35, අෂේන් බණ්ඩාර 35, කවිඳු නදීෂාන් 18, ඉසිත විජේසුන්දර 24, ලක්ෂාන් සඳකැන් 53/3, ළහිරු සමරකෝන් 33/2, දුෂාන් හේමන්ත 37/2)

දඹුල්ල පිල - ඕවර 43 කදී කඩුලු 6 ක් දැවී 197
(අභිෂේක් ලියනාරච්චි 24, පවන් රත්නායක 23, ලසිත් අබේරත්න 32, අෂාන් ප්‍රියන්ජන් නොදැවී 50, දුෂාන් හේමන්ත නොදැවී 41, හසංක රත්නායක 37/3)

 


අදහස් (0)

යාපනය ආරම්භයේදීම පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.