
(සැකසුම : ශානුක අරවින්ද)
....................................................................................................................................................................
ඕවර 41 කදී - 222/4
(ස්ටීවන් ස්මිත් 22, මාකස් ස්ටොයිනිස් 07, මාක් වුඩ් 6-0-42-1)
වුඩ්‍ෙගේ හයවැනි ඕවරයේ දෙවැනි පන්දුවට මාකස් ස්ටොයිනිස්ගෙන් කවර් කළාපය හරහා හතරේ පහරක්.
....................................................................................................................................................................
ඕවර 40 කදී - 215/4
(ස්ටීවන් ස්මිත් 21, මාකස් ස්ටොයිනිස් 01, ආදිල් රෂීඩ් 9-0-43-1)
40 වැනි ඕවරය යැවීම සඳහා ආදිල් රෂීඩ් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ස්ටීවන් ස්මිත් සූදානම්.
රෂීඩ්ගේ නමවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 39 කදී - 213/4
(ස්ටීවන් ස්මිත් 20, මාකස් ස්ටොයිනිස් 00, මාක් වුඩ් 5-0-35-1)
වුඩ්‍ෙගේ පස්වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර් අතට උඩ පන්දුවක් දෙමින් ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 12 කට දැවී යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 1 යි)
හයවැනි පිතිකරුවා ලෙස මාකස් ස්ටොයිනිස් පිටියට පිවිසෙයි.
....................................................................................................................................................................
ඕවර 38 කදී - 212/3
(ස්ටීවන් ස්මිත් 19, ග්ලේන් මැක්ස්වෙල් 12, ජොෆ්රා ආචර් 8-0-45-1)
ආචර්ගේ අටවැනි ඕවරයේ දෙවැනි පන්දුවට ඩීප් මිඩ් විකට් කළාපයට ඉහළින් හයේ පහරක් එල්ල කළ ග්ලේන් මැක්ස්වෙල්ගෙන් තෙවැනි පන්දුවට ඩීප් මිඩ් විකට් කළාපය හරහාම හතරේ පහරක්
....................................................................................................................................................................
ඕවර 37 කදී - 200/3
(ස්ටීවන් ස්මිත් 18, ග්ලේන් මැක්ස්වෙල් 01, මාක් වුඩ් 4-0-34-0)

37 වැනි ඕවරය යැවීම සඳහා මාක් වුඩ් කැඳවයි. පන්දුව පළිගැනීම සඳහා ස්ටීවන් ස්මිත් සූදානම්.
වුඩ්‍ෙගේ සිවුවැනි ඕවරයේ පස්වැනි සහ හයවැනි පන්දුවලට මිඩ් ඕන් සහ තර්ඩ් මැන් කළාප හරහා ස්ටීවන් ස්මිත්ගෙන් පිට පිට හතරේ පහර දෙකක්.
....................................................................................................................................................................
ඕවර 36 කදී - 190/3
(ස්ටීවන් ස්මිත් 09, ග්ලේන් මැක්ස්වෙල් 01, ජොෆ්රා ආචර් 7-0-33-1)
ආචර්ගේ හත්වැනි ඕවරයේ තෙවැනි පන්දුවේද ෆයින් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි ක්‍රිස් වෝක්ස් අතට උඩ පන්දුවක් දෙමින් ඒරන් ෆින්ච් ලකුණු 100 කට දැවී යයි. (හයේ පහර 2 යි, හතරේ පහර 11යි)
පස්වැනි පිතිකරුවා ලෙස ග්ලේන් මැක්ස්වෙල් පිටියට පිවිසෙයි.

....................................................................................................................................................................
ඕවර 35 කදී - 183/2
(ඒරන් ෆින්ච් නොදැවී 98, ස්ටීවන් ස්මිත් 04, බෙන් ස්ටෝක්ස් 5-0-18-1)

ස්ටෝක්ස්ගේ පස්වැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 34 කදී - 178/2
(ඒරන් ෆින්ච් නොදැවී 96, ස්ටීවන් ස්මිත් 01, ජොෆ්රා ආචර් 6-0-26-0)

34 වැනි ඕවරය යැවීම සඳහා ජොෆ්රා ආචර් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඒරන් ෆින්ච් සූදානම්.
ආචර්ගේ හයවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 33 කදී - 175/2
(ඒරන් ෆින්ච් නොදැවී 93, ස්ටීවන් ස්මිත් 01, බෙන් ස්ටෝක්ස් 4-0-13-1)

ස්ටෝක්ස්ගේ සිවුවැනි ඕවරයේ දෙවැනි පන්දුව කඩුල්ලේ දැවටීමෙන් උස්මාන් කවාජා ලකුණු 23 කට දැවී යයි. (හතරේ පහර 1 යි)
සිවුවැනි පිතිකරුවා ලෙස ස්ටීවන් ස්මිත් පිටියට පිවිසෙයි.

....................................................................................................................................................................
ඕවර 32 කදී - 173/1
(ඒරන් ෆින්ච් නොදැවී 92, උස්මාන් කවාජා නොදැවී 23, ආදිල් රෂීඩ් 8-0-41-0)

රෂීඩ්ගේ අටවැනි ඕවරයේ පස්වැනි පන්දුවට ඒරන් ෆින්ච්ගෙන් එක්ස්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්.
....................................................................................................................................................................
ඕවර 31 කදී - 166/1
(ඒරන් ෆින්ච් නොදැවී 88, උස්මාන් කවාජා නොදැවී 20, බෙන් ස්ටෝක්ස් 3-0-11-0)

ස්ටෝක්ස්ගේ තෙවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 30 කදී - 162/1
(ඒරන් ෆින්ච් නොදැවී 85, උස්මාන් කවාජා නොදැවී 19, ආදිල් රෂීඩ් 7-0-34-0)

රෂීඩ්ගේ හත්වැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 29 කදී - 158/1
(ඒරන් ෆින්ච් නොදැවී 84, උස්මාන් කවාජා නොදැවී 16, බෙන් ස්ටෝක්ස් 2-0-07-0)

29 වැනි ඕවරය යැවීම සඳහා බෙන් ස්ටෝක්ස් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා උස්මාන් කවාජා සූදානම්.
ස්ටෝක්ස්ගේ දෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 28 කදී - 155/1
(ඒරන් ෆින්ච් නොදැවී 82, උස්මාන් කවාජා නොදැවී 15, ආදිල් රෂීඩ් 6-0-30-0)

රෂීඩ්ගේ හයවැනි ඕවරයේ දෙවැනි පන්දුවට උස්මාන් කවාජාගෙන් බැක්වඩ් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.
....................................................................................................................................................................
ඕවර 27 කදී - 148/1
(ඒරන් ෆින්ච් නොදැවී 81, උස්මාන් කවාජා නොදැවී 09, මුයින් අලී 6-0-42-1)

අලීගේ හයවැනි ඕවරයේ අවසන් පන්දුවට ඒරන් ෆින්ච්ගෙන් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක්.
....................................................................................................................................................................
ඕවර 26 කදී - 141/1
(ඒරන් ෆින්ච් නොදැවී 76, උස්මාන් කවාජා නොදැවී 07, ආදිල් රෂීඩ් 5-0-23-0)

රෂීඩ්ගේ පස්වැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 25 කදී - 138/1
(ඒරන් ෆින්ච් නොදැවී 74, උස්මාන් කවාජා නොදැවී 06, මුයින් අලී 5-0-35-1)

අලීගේ පස්වැනි ඕවරයේ අවසන් පන්දුවට ඒරන් ෆින්ච්ගෙන් ලෝන්ග් ඕෆ් කළාපයට ඉහළින් හයේ පහරක්.
....................................................................................................................................................................
ඕවර 24 කදී - 129/1
(ඒරන් ෆින්ච් නොදැවී 67, උස්මාන් කවාජා නොදැවී 04, ආදිල් රෂීඩ් 4-0-20-0)

රෂීඩ්ගේ සිවුවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 23 කදී - 125/1
(ඒරන් ෆින්ච් නොදැවී 66, උස්මාන් කවාජා නොදැවී 01, මුයින් අලී 4-0-26-1)

අලීගේ සිවුවැනි ඕවරයේ දෙවැනි පන්දුවට ඒරන් ෆින්ච්ගෙන් ඩීප් මිඩ් විකට් කළාපයට ඉහළින් හයේ පහරක්.
එම ඕවරයේ සිවුවැනි පන්දුවේදී බැක්වඩ් පොයිට් කළාපයේ පන්දු රකිමින් සිටි ජෝ රූට් අතට උඩ පන්දුවක් දෙමින් ඩේවිඩ් වෝනර් ලකුණු 53 කට දැවී යයි. (හතරේ පහර 6 යි)
තෙවැනි පිතිකරුවා ලෙස උස්මාන් කවාජා පිටියට පිවිසෙයි.

....................................................................................................................................................................
ඕවර 22 කදී - 114/0
(ඒරන් ෆින්ච් නොදැවී 56, ඩේවිඩ් වෝනර් නොදැවී 53, ආදිල් රෂීඩ් 3-0-16-0)

රෂීඩ්ගේ තෙවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 21 කදී - 112/0
(ඒරන් ෆින්ච් නොදැවී 55, ඩේවිඩ් වෝනර් නොදැවී 52, මුයින් අලී 3-0-15-0)

අලීගේ තෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 20 කදී - 110/0
(ඒරන් ෆින්ච් නොදැවී 54, ඩේවිඩ් වෝනර් නොදැවී 51, ආදිල් රෂීඩ් 2-0-14-0)

රෂීඩ්ගේ දෙවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.
පන්දු 52 කදී හතරේ පහර 6 ක් සමගින් ඩේවිඩ් වෝනර් සිය 20 වැනි එක්දින අර්ධ ශතකය ලබාගනී.
....................................................................................................................................................................
ඕවර 19 කදී - 106/0
(ඒරන් ෆින්ච් නොදැවී 52, ඩේවිඩ් වෝනර් නොදැවී 49, මුයින් අලී 2-0-13-0)

අලීගේ දෙවැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි.
පන්දු 61 කදී හතරේ පහර 9 ක් සමගින් ඒරන් ෆින්ච් සිය 25 වැනි එක්දින අර්ධ ශතකය ලබාගනී.
....................................................................................................................................................................
ඕවර 18 කදී - 100/0
(ඒරන් ෆින්ච් නොදැවී 48, ඩේවිඩ් වෝනර් නොදැවී 47, ආදිල් රෂීඩ් 1-0-10-0)

18 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් පිට දඟ පන්දු යවන ක්‍රීඩක මුයින් අලී කැඳවයි. පන්දුව පිළිගැනීමට ඩේවිඩ් වෝනර් සූදානම්.
රෂීඩ්ගේ පළමු ඕවරයේ තෙවැනි පන්දුවට ඩීප් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ ඩේවිඩ් වෝනර්ගෙන් පස්වැනි පන්දුවට කවර් කළාපය හරහා හතරේ පහරක්.
....................................................................................................................................................................
ඕවර 17 කදී - 90/0
(ඒරන් ෆින්ච් නොදැවී 39, ඩේවිඩ් වෝනර් නොදැවී 31, මුයින් අලී 1-0-07-0)

17 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් පිට දඟ පන්දු යවන ක්‍රීඩක මුයින් අලී කැඳවයි. පන්දුව පිළිගැනීමට ඩේවිඩ් වෝනර් සූදානම්.
අලීගේ පළමු ඕවරයට ලකුණු 7 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 16 කදී - 83/0
(ඒරන් ෆින්ච් නොදැවී 47, ඩේවිඩ් වෝනර් නොදැවී 31, මාක් වුඩ් 3-0-24-0)

වුඩ්ගේ තෙවැනි ඕවරයෙ පළමු පන්දුවට ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ ඒරන් ෆින්ච්ගෙන් පස්වැනි පන්දුවට මිඩ් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්.
....................................................................................................................................................................
ඕවර 15 කදී - 75/0
(ඒරන් ෆින්ච් නොදැවී 39, ඩේවිඩ් වෝනර් නොදැවී 31, බෙන් ස්ටෝක්ස් 1-0-04-0)

15 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් කැඳවයි. පන්දුව පිළිගැනීමට ඩේවිඩ් වෝනර් සූදානම්.
ස්ටෝක්ස්ගේ පළමු ඕවරයට ලකුණු 4 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 14 කදී - 71/0
(ඒරන් ෆින්ච් නොදැවී 37, ඩේවිඩ් වෝනර් නොදැවී 29, මාක් වුඩ් 2-0-16-0)

වුඩ්ගේ දෙවැනි ඕවරයේ පළමු පන්දුවට වෝනර්ගෙන් මිඩ් ඕන් කළාපය හරහා හතරේ පහරක් සහ සිවුවැනි පන්දුවට ෆින්ච්ගෙන් මිඩ් ඕන් කළාපය හරහා හතරේ පහරක්.
....................................................................................................................................................................
ඕවර 13 කදී - 59/0
(ඒරන් ෆින්ච් නොදැවී 33, ඩේවිඩ් වෝනර් නොදැවී 22, ක්‍රිස් වෝක්ස් 7-0-29-0)

වෝක්ස්ගේ හත්වැනි ඕවරයෙ පළමු පන්දුවට මිඩ් ඕන් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ ඒරන් ෆින්ච්ගෙන් අවසන් පන්දුවට මිඩ් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්.
....................................................................................................................................................................
එංගලන්ත කණ්ඩායමක් අවසන් වරට ලෝක කුසලාන තරගයකදී ඕස්ට්‍රේලියාව පරාජය කර ඇත්තේ 1992 වසරේදීය. ඉන් පසුව 2003, 2007 සහ 2015 යන වසර වලදී පැවැති ලෝක කුසලාන තරගවලදී ඕස්ට්‍රේලියාව හමුවේ එංගලන්තය පරාජයට පත්වී ඇත.
....................................................................................................................................................................
ඕවර 12 කදී - 50/0
(ඒරන් ෆින්ච් නොදැවී 25, ඩේවිඩ් වෝනර් නොදැවී 22, මාක් වුඩ් 1-0-04-0)

12 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක මාක් වුඩ් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඒරන් ෆින්ච් සූදානම්.
වුඩ්ගේ පළමු ඕවරයේ දෙවැනි පන්දුවට ෆින්ච්ගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.
....................................................................................................................................................................
ඕවර 11 කදී - 45/0
(ඒරන් ෆින්ච් නොදැවී 21, ඩේවිඩ් වෝනර් නොදැවී 22, ක්‍රිස් වෝක්ස් 6-0-20-0)

වෝක්ස්ගේ හයවැනි ඕවරයටද එක් ලකුණක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 10 කදී - 44/0
(ඒරන් ෆින්ච් නොදැවී 20, ඩේවිඩ් වෝනර් නොදැවී 22, ජොෆ්රා ආචර් 5-0-23-0)

ආචර්ගේ පස්වැනි ඕවරයේ දෙවැනි පන්දුවට වෝනර්ගෙන් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.
....................................................................................................................................................................
ඕවර 9 කදී - 36/0
(ඒරන් ෆින්ච් නොදැවී 19, ඩේවිඩ් වෝනර් නොදැවී 15, ක්‍රිස් වෝක්ස් 5-0-19-0)

වෝක්ස්ගේ පස්වැනි ඕවරයට එක් ලකුණක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 8 කදී - 35/0
(ඒරන් ෆින්ච් නොදැවී 19, ඩේවිඩ් වෝනර් නොදැවී 14, ජොෆ්රා ආචර් 4-0-15-0)

ආචර්ගේ සිවුවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 7 කදී - 32/0
(ඒරන් ෆින්ච් නොදැවී 19, ඩේවිඩ් වෝනර් නොදැවී 11, ක්‍රිස් වෝක්ස් 4-0-18-0)

වෝක්ස්ගේ සිවුවැනි ඕවරයේ තෙවැනි පන්දුවට වෝනර්ගෙන් මිඩ් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්.
....................................................................................................................................................................
ඕවර 6 කදී - 26/0
(ඒරන් ෆින්ච් නොදැවී 18, ඩේවිඩ් වෝනර් නොදැවී 06, ජොෆ්රා ආචර් 3-0-12-0)

ආචර්ගේ තෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 5 කදී - 23/0
(ඒරන් ෆින්ච් නොදැවී 15, ඩේවිඩ් වෝනර් නොදැවී 06, ක්‍රිස් වෝක්ස් 3-0-12-0)

වෝක්ස්ගේ තෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවට ෆින්ච්ගෙන් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.
....................................................................................................................................................................
ඕවර 4 කදී - 18/0
(ඒරන් ෆින්ච් නොදැවී 10, ඩේවිඩ් වෝනර් නොදැවී 06, ජොෆ්රා ආචර් 2-0-09-0)

ආචර්ගේ දෙවැනි ඕවරයේ අවසන් පන්දුවට වෝනර්ගෙන් ලෝන්ග් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.
....................................................................................................................................................................
ඕවර 3 කදී - 13/0
(ඒරන් ෆින්ච් නොදැවී 09, ඩේවිඩ් වෝනර් නොදැවී 02, ක්‍රිස් වෝක්ස් 2-0-07-0)

වෝක්ස්ගේ දෙවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.
....................................................................................................................................................................
ඕවර 2 කදී - 11/0
(ඒරන් ෆින්ච් නොදැවී 09, ඩේවිඩ් වෝනර් නොදැවී 00, ජොෆ්රා ආචර් 1-0-04-0)

දෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දුවන ක්‍රීඩක ජොෆ්රා ආචර් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඒරන් ෆින්ච් සූදානම්.
ආචර්ගේ පළමු ඕවරයේ පළමු පන්දුවට ෆින්ච්ගෙන් කවර් කළාපය හරහා හතරේ පහරක්.
....................................................................................................................................................................
ඕවර 1 කදී - 07/0
(ඒරන් ෆින්ච් නොදැවී 05, ඩේවිඩ් වෝනර් නොදැවී 00, ක්‍රිස් වෝක්ස් 1-0-05-0)

ඕසට්‍රේලියානු ඉනිම ඇරඹීම සඳමා නායක ඒරන් ෆින්ච් සමගින් ඩේවිඩ් වෝනර් පිටියට පිවිසෙති.
පළමු ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දුවන ක්‍රීඩක ක්‍රිස් වෝස්ක් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඒරන් ෆින්ච් සූදානම්.
වෝක්ස්ගේ පළමු ඕවරයේ දෙවැනි පන්දුව ෆින්ච්ගේ පිත්තේ පිටත දාරයේ වැදී දෙවැනි ක්‍රීඩකයා ලෙස පන්දු රකිමින් සිටි ජෝ රූට් පසුකරමින් හතරේ සීමව වෙත ඇදී යයි.
....................................................................................................................................................................
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 32 වැනි තරගය ලෙස එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර ලන්ඩන්හි ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී අද (25 වැනිදා) පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ නායක ඔයින් මෝගන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
එංගලන්ත කණ්ඩායම
ඔයින් මෝගන් (නායක), ජොනී බෙයාස්ට්‍රෝ, ජේම්ස් වින්ස්, ජෝ රූට්, බෙන් ස්ටෝක්ස්, ජොස් බට්ලර්, මුයින් අලී, ක්‍රිස් වොක්ස්, ආදිල් රෂීඞ්, ජොෆ්රා ආචර් සහ මාක් වුඞ්
ඕස්ට්‍රේලියානු කණ්ඩායම
ඒරන් ෆින්ෆ් (නායක), ඬේවිඞ් වෝනර්, උස්මාන් කවාජා, ස්ටීවන් ස්මිත්, ග්ලෙන් මැක්ස්වෙල්, මාකස් ස්ටොයිනිස්, ඇලෙක්ස් කේරී, පැටි්‍රක් කමින්ස්, මිචෙල් ස්ටාර්ක්, නේදන් ලයන් සහ ජේසන් බෙරන්ඩෝෆ්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.