Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාතර ශාන්ත තෝමසුවෝ එක්දින තරගය ජය ගනිති

මාතර ශාන්ත තෝමසුවෝ එක්දින තරගය ජය ගනිති

editorial - 2024 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

මාතර ශාන්ත තෝමස් විදුහල සහ ශාන්ත සර්වේෂස් විදුහල අතර පැවැත්වෙන ‘රුහුණු නිල් මහ සටන’ මහ ක්‍රිකට් තරගයට සමගාමීව පැවැති වාර්ෂික එක්දින තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට ශාන්ත තෝමස් විදුහල සමත් විය. 

මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 111 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත තෝමසුවෝ, ඕවර 32.4 ක් අවසානයේ කඩුලු 7 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියහ. පන්දු 46 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 41 ක් රැස්කළ පෙසඳු සංජන් ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමුවේය. 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ විරාන් චමුදිත ලකුණු 20 කට කඩුලු 4 ක්ද, රවීන් කවින්ත ලකුණු 16 කට කඩුලු 3 ක්ද බිඳහෙළුෑ නමුත් ඔවුන්ට ශාන්ත සර්වේෂස් විදුහල් කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි වූහ. 
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත සර්වේෂස් විදුහලට ශාන්ත තෝමස් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 40 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 110 ක් පමණි.

ලෝෂිත දික්සිත්, පෙසඳු සංජන්, මනුග ගුරුගේ සහ නවිජ ද සේරම් කඩුලු 2 බැගින් බිඳහෙළමින් ශාන්ත සර්වේෂස් පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවන්ට දවාගැනීමට සමත් වූහ. 


ශාන්ත සර්වේෂස් විදුහල - ඕවර 40 කදී සියලු දෙනා දැවී 110 
(දිනිරු අබේවික්‍රමසිංහ 15, විරාන් චමුදිත 21, රවීන් කවින්ත නොදැවී 22, ලෝෂිත දික්සිත් 07/2, පෙසඳු සංජන් 11/2, මනුග ගුරුගේ 13/2, නවිජ ද සේරම් 27/2) 

ශාන්ත තෝමස් විදුහල - ඕවර 32.4 කදී කඩුලු 7 ක් දැවී 114
(පෙසඳු සංජන් 41, ජිමුත් ඉද්දමල්ගොඩ නොදැවී 22, විරාන් චමුදිත 20/4, රවීන් කවින්ත 16/3) 


අදහස් (0)

මාතර ශාන්ත තෝමසුවෝ එක්දින තරගය ජය ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.