Last Update  :  2024-04-28 13:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහින්ද පළමු ඉනිම 169 යි.. රිච්මන්ඩ් - කඩුලු 3 ට 66 යි

මහින්ද පළමු ඉනිම 169 යි.. රිච්මන්ඩ් - කඩුලු 3 ට 66 යි

editorial - 2024 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

දිනුර කළුපහන (38) සහ චන්දූප ද සිල්වා (45) දෙදෙනාගේ වගකීම් සහගත පිතිහරඹය නිසා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (15 වැනිදා) ආරම්භ වූ 119 වැනි ආදරවන්තයන්ගේ සටනේදී මහින්ද විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 169 ක් ලබාගත්තේය. ඒ වෙනුවෙන් ඕවර 75 කට මුහුණ දුන් මහින්ද පිතිකරුවෝ ලකුණු ලබාගැනීමට වඩා තම තමන්ගේ කඩුලු රැකගැනීම වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කළහ.

ඊට පිළිතුරු ලෙසින්, තරගයේ පළමු දිනය නිමා වන විට රිච්මන්ඞ් විදුහල් කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 66 ක් ලබා සිටියේය.

කාසියේ වාසිය දිනාගත් රිච්මන්ඞ් නායකයා පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. ලකුණු 34 කට මහින්දයේ කඩුලු 3 ක් දවාගත් නමුත් දිනුර කළුපහන සහ හරීන් අචින්ත එක්ව ලකුණු සංඛ්‍යාව 82 ක් දක්වා ඉහළ දැමූහ. පන්දු 82 කින් ලකුණු 38 ක් ලබාගත් දිනුරගේ දැවී යාමෙන් පසුව චන්දූප ද සිල්වා කණ්ඩායමේ බර කරට ගනිමින් පන්දු 88 කින් ලකුණු 41 ක් ලබාගත්තේ මහින්දයේ ලකුණු සංඛ්‍යාව 141 දක්වා ඉදිරියට තල්ලු කරමිනි. 

චන්දූපගේ දැවී යාමෙන් පසුව පැයක පමණ කාලයකදී මහින්ද පිතිකරුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 28 කි.

 

මහින්ද විදුහල - පළමු ඉනිම 169 යි
(තරූෂ ඩිල්ෂාන් 11, දිනුර කළුපහන 38, හරීන් අචින්ත 11, චන්දූප ද සිල්වා 41, දිනෙත් කෞෂල්‍ය 16, අරෝෂ උදයංග නොදැවී 15, කවීෂ ඉඳුවර 37/3, සිහත් රාමනායක 19/2, ෂැරොන් අභිශේක් 45/2, මල්ෂ තරුපති 38/2)

රිච්මන්ඞ් විදුහල - පළමු (දිනය නිමාවන විට) කඩුලු 3 ක් දැවී 66 යි
(චෙහාන් සුබසිංහ නොදැවී 30, තරූෂ ඩිල්ෂාන් 08/2)


අදහස් (0)

මහින්ද පළමු ඉනිම 169 යි.. රිච්මන්ඩ් - කඩුලු 3 ට 66 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.