Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
අන්තර්ජාතික තරග වලදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් අනුගමනය කරනු ලැබිය යුතු ආචාරධර්ම සංග්‍රහය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ වේග පන්දු යවන්නී මල්කි මදාරාට අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් තරවටු කරනු ලැබ ඇත.
පසුගිය සඳුදා බංග්ලාදේශයට එරෙහිව, ඉන්දියාවේ නවී මුම්බායි හි පැවති කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගයේදී, ආචාරධර්ම සංග්‍රහයේ 1 වන මට්ටමේ වගන්තියක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මල්කි මදාරාට තරවටු කර තිබේ.
“අන්තර්ජාතික තරඟයක් අතරතුර කඩුල්ලක් දැවී යාමේදී ආපසු ක්‍රීඩාගාරයට යන පිතිකාරිණියගෙන් ආක්‍රමණශීලී ප්‍රතිචාරයක් ඇති කළ හැකි භාෂාව, ක්‍රියාව හෝ අභිනයන් භාවිතා කිරීම” සම්බන්ධ වගන්තිය මල්කි මදාරා විසින් උල්ලංඝණය කරනු ලැබ ඇත. ඒ සම්බන්ධයෙන් මල්කි මදාරාට අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් දැඩිලෙස අවවාද (තරවටු) කරනු ලැබ ඇත.
බංග්ලාදේශ ඉනිමේ 11 වන ඕවරයේදී ෆර්ගනා හක් දුවද්දී දැවී යාමෙන් පසු මල්කි මදාරා, පිතිකාරිණියට ආසන්නව පමණට වඩා උද්දාමයක් පෙන්නුම් කළාය. එයින් පිතිකාරිණියව ආක්‍රමණශීලී ප්‍රතිචාරයක් සඳහා පෙළඹවිය හැකි බව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරග තීරක ෂැන්ඩ්‍රේ ෆ්‍රිට්ස් (දකුණු අප්‍රිකාව) මහත්මියගේ තීරණය විය. මල්කි මදාරා පන්දුවට පහර දෙමින් සිටියදී ලකුණු 9 කට දුවද්දී දැවී ගිය අතර මල්කිගේ දුවද්දී දැවීයාමට කඩුලු රකින්නිය වෙත පන්දුව වීසි කරන ලද්දේ එක්ස්ට්‍රා කවර්ස් හි පන්දු රකිමින් සිටි ෆර්ගානා හක් විසිනි.
වරද පිළිගත් මල්කි මදාරා, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තීරක ෂැන්ඩ්‍රේ ෆ්‍රිට්ස් (දකුණු අප්‍රිකාව) මහත්මිය විසින් යෝජනා කරන ලද දඬුවම පිළිගත්තාය. එබැවින් සිදුවිධිමත් විභාගයක් අවශ්‍ය නොවිණ.
ඇයගේ වරද අනුව අවම වශයෙන් නිල තරවටු කිරීමක් හෝ ක්‍රීඩිකාවගේ තරග ගාස්තුවෙන් 50% ක උපරිම දඩයක් නැතහොත් ඇයගේ විනය වාර්තාවට එකතු වන අගති ලකුණු එකක් හෝ දෙකක් දඬුවම් වශයෙන් නියම කළ හැකිය. මල්කි මදාරාගේ විනය වාර්තාවට අගති ලකුණක් එකතු කර ඇතත් ඇය දඬුවමින් මිදී ඇත්තේ පසුගිය මාස 24 ක කාලයක් තුළ ඇයගෙන් සිදු වූ පළමු වරද එය වූ බැවිනි.
මාස 24ක කාලයක් ඇතුළත ක්‍රීඩිකාවකට අගති ලකුණු හතරක් හෝ වැඩි ප්‍රමාණයක් එකතු වූ විට ඒවා අත්හිටුවීමේ (තරගයක් තහනම් කිරීමේ) ලකුණක් බවට පරිවර්තනය වෙයි. එවිට ක්‍රීඩිකාවකට තරගයක් තහනම් කරනු ලැබිය හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.