Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මලියදේවයට කඩුලූ 4 ක ජයක්

මලියදේවයට කඩුලූ 4 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2015 ඔක් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මුරලි සාම කුසලාන විඃ20 ක‍්‍රිකට් තරගාවලියේ තරගයකදී මොණරාගල පාසල් ඒකාබද්ධ කණ්ඩායම පරදවා කඩුලූ 4 කින් ජය ගැනීමට කුරුණෑගල මලියදේව විද්‍යාලය අද (7 වැනිදා) සමත්විය. මෙම තරගය යාපනය ශා. පැට්‍රික් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් මොණරාගල පාසල් ඒකාබද්ධ කණ්ඩායම ලකුණු 146 ක් රැස් කරගත් අතර මලියදේව පිතිකරුවන්  ඕවර 18.3 කදී කඩුලූ 6 ක් දැවී එම ඉලක්කය පසුකර යෑමට සමත්විය.


මොණරාගල පාසල් ඒකාබද්ධ කණ්ඩායම -  ඕවර 20 කදී කඩුලූ 9 ක් දැවී ලකුණු 146
(දිලීප සඳරුවන් 46, ගිහාන් අචින්ත නොදැවී 22, ධනංජය පේ‍්‍රමරත්න 27/2, විශ්ව දිසානායක 27/2)

කුරුණෑගල මලියදේව විද්‍යාලය -  ඕවර 18.3 කදී කඩුලූ 6 ක් දැවී ලකුණු 147
(දුලාජ් රණතුංග 43, දමිත් පෙරේරා 28, නමිඳු සෝමරත්න 26, පමුදු චතුරංග 19/2)


අදහස් (0)

මලියදේවයට කඩුලූ 4 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.