Last Update  :  2025-12-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මනෝහර් යළිත් වරක් ක්‍රිකට් මුල් පුටුවට

මනෝහර් යළිත් වරක් ක්‍රිකට් මුල් පුටුවට

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ ශාෂන්ක් මනෝහර් මහතා තවත් වසර 2 ක කාලයක් සඳහා අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ සභාපතිවරයා ලෙස නැවත වරක් නිරතගයෙන් පත්වී ඇත. 2016 වසරේදී පළමු වරට අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ සභාපතිවරයා ලෙස පත් වූ මනෝහර් මහතා, එම ධූරයට පත්වූ දෙවැනි අවස්ථාව මෙයයි.

මනෝහර් මහතා සිය පළමු ධූර කාලය තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන ධනවත්ම රටවල් 3 ලෙස සැලකෙන ඕස්ටේ්‍රලියාව, ඉන්දියාව සහ එංගලන්තය යන රටවල්වල අධිපත්‍යය මැඩපවත්වමින්, අන්තර් ජාතික ක්‍රිකට් සභාව ප්‍රතිනිර්මාණය කිරීමේ උත්සාහයක නිතර විය.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයකුද වන 60 හැවිරිදි මනෝහර් මහතා,
අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ පාලනාධිකාරය සංශෝධනය කොට එහි ප්‍රථම ස්වාධීන කාන්තා අධ්‍යක්ෂවරිය පත් කිරීම සඳහාද කටයුතු කළේය.

“සාමාජික රටවල් සමග එක්වෙලා ඉදිරි වසර දෙක තුළදී ක්‍රීඩාව වෙනුවෙන් ගෝලීය ක්‍රමවේදයක් හඳුන්වලා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. එවිට මේ ක්‍රීඩාව තවදුරටත් වර්ධනය කරලා ඒ හරහා ක්‍රීඩා ලෝලීන්ට වැඩි වින්දනයක් ලබාදෙන්න අපිට පුළුවන්.” යැයි මනෝහර් මහතා අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නිවේදනයක සඳහන් කර තිබේ.

“ක්‍රීඩාවේ නිරත වෙන්නේ යහපත් ශරීර සෞඛ්‍යයෙන් හෙබි අය. නමුත් අපි තමයි මේ ක්‍රීඩාවේ ආරක්ෂකයන්. ඒ නිසා මහන්සි වෙලා වැඩ කරලා ක්‍රීඩාව යහපත් තත්වයෙන් ඉදිරියට පවත්වාගෙන යෑම අපේ වගකීමක්.” යැයි එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මනෝහර් මහතා පවසා තිබිණ.

ඉකුත් වසරේදී (2017) මනෝහර් මහතා, අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමටද උත්සාහ දැරූ අතර එහි විධායක සභාවේ වැඩි දෙනාගේ ඉල්ලීම මත ඔහු එම ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් වැළකී සිටියේය.

 

- 036


අදහස් (0)

මනෝහර් යළිත් වරක් ක්‍රිකට් මුල් පුටුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.