Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බලපිටිය වීර සටන 5-6

බලපිටිය වීර සටන 5-6

editorial - 2024 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත සහ බලපිටිය එස්. වයි. ද සිල්වා)

බලපිටිය රේවත විද්‍යාලය හා බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලය අතර 35 වැනි වීර සටන මහා ක්‍රිකට් තරගය අප්‍රේල් මස 5 සහ 6 දෙදින බලපිටිය ගුරු විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

රේවත විද්‍යාලයේ සත්කාරකත්වයෙන් මෙවර පැවැත්වෙන තරගයේදී රේවත විදුහල් කණ්ඩායම දිනුර නෙත්මින විසින් මෙහෙයවනු ලබන අතර සිද්ධාර්ථ විද්‍යාලයීය කණ්ඩායම කවීෂ් චමල්ක  විසින් මෙහෙයවනු ලබයි.

මෙතෙක් පැවැති තරග 34 න් රේවත විද්‍යාලය තරග 14 ක ජය අත්පත් කරගෙන ඇති අතර එකම තරගයක්වත් ජය ගැනීමට සිද්ධාර්ථ විදුහල මෙතෙක් සමත්වී නැත. ගිය වසරේද (2023) ජය හිමිකර ගත්තේ රේවත විද්‍යාලය විසිනි. තරග විස්සක්ම ජය පරාජයෙන් තොරව නිමාවට පත්වී තිබේ.

රේවත විදුහල් කණ්ඩායම දෙවන කාණ්ඩය යටතේ ද සිද්ධාර්ථ විදුහල් කණ්ඩායම තෙවන කාණ්ඩය යටතේද අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියට සහභාගීවෙයි.

මේ වසරේදී රේවත විද්‍යාලය ක්‍රිකට් තරග 10 යකට සහභාගීවී ඉන් තරග 03ක පූර්ණ ජයත් තරග 03ක පූර්ණ පරාජයත් තවත් තරග හතරක් ජයපරාජයෙන් තොරව නිමාවට පත්වී තිබේ.

සිද්ධාර්ථ විදුහල් කණ්ඩායම මෙවර තරග 10 යකට සහභාගීවී ඉන් තරග 4 ක  පූර්ණ ජය ලබා තරග 3ක පළමු ඉනිමේ ජය අත්කරගෙන තිබේ.  තරග 3ක පළමු ඉනිමේ පරාජයත් ලබා ගෙන ඇත.

 

රේවත විදුහල් කණ්ඩායම  ඉදිරි පෙළ වමේ සිට - ජනිත් චතුරංග (ප්‍රධාන පුහුණුකරු), සනත් සේනාරත්න (සහකාර විදුහල්පති), පූර්ණ රන්යුරු (උප නායක), සමන්ත මෙන්ඩිස් (විදුහල්පති), දිනුර නෙත්මිණ (නායක), ප්‍රියන්ත සී ද සිල්වා (නියෝජ්‍ය විදුහල්පති) සහ සුරාජ් සංජීව (ක්‍රිකට් භාර ආචාර්ය)

පසු පෙළ වමේ සිට - ලවිදු සත්සර, සෙතික නුහන්සිත්, අමීෂ ඉහලගේ, ගොවිදු නිසංසල, අකිල නවීෂ්, කවීෂ සම්පත්, ගිම්හාන් මෙන්ඩිස්, සුදේෂ් මල්සර, යොහාන් සෙනුර, සදීෂ නිර්මාල්, කලණ චමෝද්, වාසල මෙන්ඩිස්, කවීෂ සන්දීප සහ තරුන් නිම්සර

 

සිද්ධාර්ථ විදුහල් කණ්ඩායම  ඉදිරිපෙළ වමේ සිට - ජී.එල්.එන්.සී.ධර්මසිරි (ක්‍රිකට් ක්‍රීඩා භාර ආචාර්ය) වසන්ත කුමාර (නියෝජ්‍ය විදුහල්පති), කවීෂ් චමල්ක (නායක), කේ.එම්.ආර්. ත්‍රාබ්‍රෙව් (විදුහල්පතිනි),  ගයාන් සඳරුවන් (උප නායක), අනූෂ සුගත් (නියෝජ්‍ය විදුහල්පති), වජිරා ප්‍රහර්ෂනී (නියෝජ්‍ය විදුහල්පතිනි) සහ දර්ශන පුෂ්පකුමාර (ප්‍රධාන පුහුණුකරු)

පසු පෙළ වමේ සිට- විසල් ගිම්හාන්, තරිදු සෙව්මිණ, ජයත් මෙන්ඩිස්, ජැක් ශාක්‍යය, හර්ෂණ හේෂාන්, සත්රූ කවීජ්, නිරෝෂ් නිම්සර, දිල්ෂාන් මිහිරංග, රුසිරු ධනංජය, වතික සුපේෂල, නදීජ නෙත් නිම්සර, ප්‍රබෝෂ ස්වර්ණ, වගීෂ හේෂාන් සහ ලක්ෂාන් මිහිරංග


අදහස් (0)

බලපිටිය වීර සටන 5-6

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.