Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බනුසාන් ඒකාබද්ධ පිලට කඩුලූ 2 ක ජයක් ගෙනෙයි

බනුසාන් ඒකාබද්ධ පිලට කඩුලූ 2 ක ජයක් ගෙනෙයි

සංජය එරමුදුගොඩ - 2015 ඔක් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මුරලි සාම කුසලාන විඃ20 ක‍්‍රිකට් තරගාවලියේ තරගයකදී මහනුවර ධර්මරාජ විද්‍යාලය පරදවා කඩුලූ 2 කින් ජය ගැනීමට මන්නාරම - වව්නියා පාසල් ඒකාබද්ධ කණ්ඩායම අද (7 වැනිදා) සමත්විය. මෙම තරගය ඔඩ්ඩුසුඩාන් මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

මුලින් පන්දුවට පහරදුන් මහනුවර ධර්මරාජ විද්‍යාලය ලකුණු 161 ක් රැස් කරගත් අතර කවිෂ්ක දිසානායක අර්ධ ශතකයක් (60) රැස් කිරීමට සමත්විය. දේශාන් ගුණසිංහ සහ කවිෂ්ක දිසානායක අතර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 96 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ.

ලකුණු 162 ක් ඉලක්කයක් හඹා ගිය මන්නාරම - වව්නියා පාසල් ඒකාබද්ධ කණ්ඩායම ලකුණු 69 කට කඩුලූ 6 ක් වැටී අසරණ තත්වයක පසුවූ අවස්ථවක සම්පූර්ණ බර කරට ගනිමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා ගෙන යාමට සේකරන් බනුසාන් සමත්විය.

සේකරන් බනුසාන් පන්දු 46 කදී හතරේ පහර පහක් සහ හයේ පහර 8 ක් සමගින් වේගවත් අර්ධ ශතකයක් (නොදැවී 89) සහ ලකුණු 36 කට කඩුලූ 3 ක් දවා ගනිමින් පන්දුවෙන්ද දස්කම් දැක්වීය.


මහනුවර ධර්මරාජ විද්‍යාලය -  ඕවර 20 කදී කඩුලූ 9 ක් දැවී ලකුණු 161
(කවිෂ්ක දිසානායක 60, දේශාන් ගුණසිංහ 43, එන්. සයුරන් 19/3, සේකරන් බනුසාන් 36/3)

මන්නාරම - වව්නියා පාසල් ඒකාබද්ධ කණ්ඩායම -  ඕවර 19.1 කදී කඩුලූ 8 ක් දැවී ලකුණු 164
(සේකරන් බනුසාන් නොදැවී 89, ඊ. ගනේස්වරන් 24, ගිහාන් විතාරණ 14/3, අස්මිත රාජපක්ෂ 29/3)


අදහස් (0)

බනුසාන් ඒකාබද්ධ පිලට කඩුලූ 2 ක ජයක් ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.