Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පළමු ඉනිමේ දිනුමත් පළිහත් ශ්‍රී සුමංගලයට

පළමු ඉනිමේ දිනුමත් පළිහත් ශ්‍රී සුමංගලයට

editorial - 2024 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොරටු මහ විදුහලත්, පානදුර ශ්‍රී සුමංගල විදුහලත් අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ පැවති 72 වැනි ‘රන්මහ සටන’ ජය පරාජයෙන් තොරව අවසන් වුවද මෙම තරගයේ පළමු ඉනිමේ ජය පානදුර ශ්‍රී සුමංගල විදුහලට හිමිවිය. තරගයේ ප්‍රධාන ආරාධිතයා වූ ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති රවීන් වික්‍රමරත්න මහතා විසින් පිරිනමන ලද ශූරතා පළිහ ශ්‍රී සුමංගල විද්‍යාලයීය කණ්ඩායමේ නායක විදූෂ පීරිස් විසින් ලබාගත් අවස්ථාව. 

මොරටු විද්‍යාල ආදි ශිෂ්‍ය ක්‍රීඩා සමාජයේ සභාපති බන්දුල ප්‍රනාන්දු, නැචුරබ් සමාගම් සමූහයේ භාණ්ඩාගාර හා උපාය මාර්ගික සැලසුම් අධ්‍යක්ෂ දිනේෂ් ද සිල්වා, ශ්‍රී සුමංගල විද්‍යාලයේ විදුහල්පති රවීන්ද්‍ර පුෂ්පකුමාර, මොරටු මහා විද්‍යාලයේ විදුහල්පති රුවන් අරඹේපොළ, ඩයලොග් ආසිආටා පීඑල්සී හි ජ්‍යෙෂ්ඨ කළමනාකාර, (අලෙවි මෙහෙයුම්) ප්‍රශාන් කොස්තා,  ෂොපිමෝ ආයතනයේ පානදුර කළමනාකර අධ්‍යක්ෂ සිරිමන්ත රණසූරිය, සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී හි ප්‍රාදේශීය අලෙවි කළමනාකාර ශමේන්ද්‍ර ඩයස් හා ශ්‍රී සුමංගල විද්‍යාලයේ ආදී ක්‍රීකට් ක්‍රීඩකයින්ගේ සංගමයේ ලේකම්, චාමර පීරිස් යන අයද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 


අදහස් (0)

පළමු ඉනිමේ දිනුමත් පළිහත් ශ්‍රී සුමංගලයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.