Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පස්දුන් කෝරළේ සටන 15-16

පස්දුන් කෝරළේ සටන 15-16

editorial - 2024 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(මතුගම - බන්දු තඹවිට)

මතුගම ශාන්ත මේරි මහ විදුහල සහ මතුගම ආනන්ද ශාස්ත්‍රාලය අතර ‘පස්දුන් කෝරළේ සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය 59 වැනි වරටත් මේ මස 15 සහ 16 දිනවලදී මතුගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

1963 වර්ෂයේදී මෙම විදුහල් දෙක අතර ප්‍රථම මහා ක්‍රිකට් තරගය පවත්වා ඇත. මෙම දෙවිදුහල් අතර මේ දක්වා පැවැති තරග 58 දී ශාන්ත මේරි විදුහල තරග 12ක් ද, ආනන්ද ශාස්ත්‍රාලය තරග 2ක් ද, ජයග්‍රහණය කර ඇති අතර, අනෙකුත් තරග ජය පැරදුමෙන් තොරව අවසන් වී ඇත. අවසන් වරට ශාන්ත මේරි විදුහල් කණ්ඩායම 2010 වසරේදී චානක දුෂ්මන්තගේ නායකත්වයෙන් ජයග්‍රහණය ලබා ඇති අතර, ආනන්ද ශාස්ත්‍රාලය අවසන් වරට ජයග්‍රහණය කර ඇත්තේ 1976 වර්ෂයේ අනුර ජයසිංහගේ නායකත්වයෙනි.

අන්තර් පළාත් වයස19න් පහළ ක්‍රිකට් තරගාවලියේ තුන්වන කොටසේ ක්‍රීඩා කරන ශාන්ත මේරි විදුහල මෙම තරග වාරයේදී තරග 9කට සහභාගි වී පළමු ඉනිමේ ජයග්‍රහණ 3ක් ලබාගෙන ඇත. ආනන්ද ශාස්ත්‍රාලය තරග 11කට සහභාගි වී තරග 4ක් පූර්ණ ජය ලබා, තරග 3ක් පළමු ඉනිමේ ජයග්‍රහණ ලබා ඇත.

ශාන්ත මේරි කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන 3 වැනි වසරේ වර්ණලාභියකු වන යසිත් මධුරංග දකුණතින් පිත්ත හසුරුවන අතර, ඔහු කණ්ඩායමේ අංක 4 ස්ථානයේ ක්‍රීඩා කරමින් මැද පෙළ ශක්තිමත් කරයි. කණ්ඩායමේ දෙවැනි වැඩිම ලකුණුලාභියා වන මොහු මෙම ක්‍රිකට් වාරයේදී ලකුණු 400 සීමාවට ළඟා වෙමින් සිටින අතර, බෙන්තර ගාමිණී විදුහලට එරෙහිව ලකුණු 83ක් ලබාගැනීම ඔහුගේ හොඳම ඉනිම ලෙස සටහන් වේ.

ශාන්ත මේරි කණ්ඩායමේ ආරම්භක වේග පන්දු යවන්නා ලෙස ද කටයුතු කරන අතර, මෙම ක්‍රිකට් වසන්තය තුළ කඩුලු‍ 25 සීමාව ඉක්මවා ඇත. යසිත් මධුරංගගේ හොඳම පන්දු යැවීම ලෙස ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 14කට කඩුලු‍ 7ක් ලබාගැනීම සඳහන් කළ හැකිය. සිවු වැනි වසරේ වර්ණලාභියකු වන යසිත් සත්සර ශාන්ත මේරි කණ්ඩායමේ උප නායකත්වය දරන අතර, වමතින් පිත්ත හසුරුවන කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරුවා වේ. ශාන්ත මේරි කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වන මොහු මෙම ක්‍රිකට් වසන්තය තුළදී ලකුණු 800 සීමාවට ළඟා වෙමින් සිටී. ඔහුගේ හොඳම ඉනිම ලෙස බෙන්තර ගාමිණී විදුහලට එරෙහිව ලකුණු 201ක් ලබාගැනීම සඳහන් කළ හැක.

ආනන්ද ශාස්ත්‍රාලයීය කණ්ඩායම මෙහෙයවනු ලබන නුවන් දිනෙත් පස්වැනි වසරේ වර්ණලාභී ක්‍රීඩකයකු වමතින් පිත්ත හසුරුවනු ලබන අතර මෙම ක්‍රිකට් වසන්තය තුළ අර්ධ ශතක 7ක් හා එක් ශතකයක් සමග ලකුණු 800 සීමාව පසු කර ඇත. පානදුර රාජකීය විදුහලට එරෙහිව ලකුණු 118ක් වැඩිම රැස්කර තිබේ.

දකුණතින් පා දඟ පන්දු යවමින් ඔහු කඩුලු‍ 40 සීමාව පසු කර ඇත.

පස්වැනි වසරේ වර්ණලාභියකු වන ආනන්ද ශාස්ත්‍රාලයීය කණ්ඩායමේ උප නායකත්වය දරන ලකිඳු දිනූ දකුණතින් පිත්ත හසුරුවමින් මෙම ක්‍රිකට් වසන්තය තුළ ලකුණු 350 සීමාව පසු කර ඇත.

 

ශාන්ත මේරි ක්‍රිකට් කණ්ඩායම

පළමු පෙළ:- යසිත් මධුරංග (නායක), බුද්ධික කුලරත්න (පුහුණුකරු), තිලංකා අධිකාරම් (සහාය ක්‍රිකට් භාර ආචාර්ය), කේ. රවිචන්ද්‍රන් (නියෝජ්‍ය විදුහල්පති), චන්දිමා ප්‍රියදර්ශනී (විදුහල්පති), මහේෂා චන්ද්‍රදාස (නියෝජ්‍ය විදුහල්පති), සම්පත් ජයවර්ධන (ක්‍රිකට් භාර ආචාර්ය), සංජීව රණසිංහ (සහාය ක්‍රිකට් භාර ආචාර්ය), යසිත් සත්සර (උප නායක). දෙවැනි පෙළ:- රනිඳු නිපුන්, නිතිල් දුල්සර, එන්. ක්‍රිතික්, ප්‍රමුදිත මධුභාෂණ, චෙරාන් රත්නායක, නිසල් සත්සිඳු, අචින්ත ශානුක, නිරෝෂ් ඉමල්ක, සුපුන් සත්සර, පසිඳු ප්‍රභාත්, ආකාෂ් දෙව්මිණ. තෙවැනි පෙළ:- උදිත ඉඳුවර, ලිතුම් රන්සික, දනිඳු චාමිකර, ජයසංඛ ගුණතිලක, හිරුක දෙව්නෝද්, සුභාත් සංදීප, ජනිත් සෙතිය, හේෂාන් සස්මික

 

ආනන්ද ශාස්ත්‍රාලය ක්‍රිකට් කණ්ඩායම -

ඉදිරි පෙළ:- ජනුද කන්නන්ගර, ලකිඳු ජයතිලක (උප නායක), සදීප් සිල්වා (පුහුණුකරු), චානක ඉහළහේවා (ක්‍රිකට් භාර ආචාර්ය), රන්දුන් ජයලත් (විදුහල්පති), උදාර ගනේගොඩ (ක්‍රිකට් භාර ආචාර්ය), ගයාන් විදුරංග (ක්‍රීඩා පුහුණුකරු), නුවන් දිනෙත් (නායක), සිතුන කන්නන්ගර දෙවැනි පෙළ:- පැතුම් මුතුමාල්, සිතුම් කල්ප, ගයන්ත ලක්ෂාන්, ඉසර තෙව්මිත්, තරුෂ දසුන්, දෙනුක කුඩලිගම, තීක්ෂණ පීරිස්, පහන් තුලක්ෂිත. තෙවැනි පෙළ:- යසිත් ලයාන්, ශිහාන් තීක්ෂණ, අමිල් මද්දුමගේ, සසිදු අමරනාත්, නුමේෂ් එරන්ද, දෙනෙත් අංජන, මෙනුද සන්සුත, චෙනුෂ චෙත්මිත්.


අදහස් (0)

පස්දුන් කෝරළේ සටන 15-16

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.